වර්ධනය කළ යුතු පළමු පුරුද්ද වන්නේ (1) සතිය යි. එනම් සිහියෙන් සිටීම යි. නමුත් මෙය පමණක් ප්‍රමාණවත් නොවේ.
දෙවෙනි පුරුද්ද නම් (2) සම්පජඤ්ඤා ව යි, නැතහොත් ඔබේ එම සතිය ට අදාළ සිතුවිලි සහ ශරීරයේ චලනයන් පිළිබඳ ව මැනවින් දැනුවත්වීම යි.
නමුත් සති හා සම්පජඤ්ඤා එකතුව පවා ප්‍රමාණවත් නොවේ. ඔබ (3) ආතාපී (සම්මා වායාම ය හෙවත් දක්ෂතාවයන් හතරක්) පුහුණු කළ යුතු ව ඇත.
1. අඛණ්ඩ ව තමන් තුළ ඇති (කුසල ධර්ම) වර්ධනය කිරීම
2. අඛණ්ඩ ව තමන් තුළ ඇති (අකුසල ධර්ම) වර්ධනය නොකිරීම
3. අඛණ්ඩ ව තමන් තුළ දැනට නොමැති (කුසල ධර්ම) ඇති කර ගැනීම සඳහා අභිලාෂය උත්පාදනය කිරීම (කැමැත්ත ඇති කර ගැනීම)
4. අඛණ්ඩ ව තමන් තුළ දැනට නොමැති (අකුසල ධර්ම) ඇති කර නොගැනීම සඳහා අභිලාෂය උත්පාදනය කිරීම
සති, සම්පජඤ්ඤා සහ ආතාපි (සම්මා වායාම) යන ත්‍රිත්වයේ එකතු වීම යොනිසෝ මනසිකාරය යි. යොනිසෝ මනසිකාරය යොමු කරන්නේ ප්‍රඥාව ඇති කර ගැනීමේ කටයුත්තට යි. ප්‍රඥාව යනු සියලු සංස්කාරය න් අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම ලෙස දැකීමේ හැකියාව යි.
Comments
Post a Comment