Skip to main content

Posts

Showing posts from May, 2020

හාමුදුරුවනේ අපි අහල තියන විදිහට බුදුදහමට අනුව සෝවාන් ඵලයට පත්වීමෙන් දුගතියක ඉපදීම අනිවාර්යයෙන්ම වලකිනව. එමෙන්ම වෙනත් ආගම් වලත් සදාකාලික ස්වර්ග රාජ්‍යයට එළඹීමට යැදීම් පව් සමාකිරීම් වැනි ක්‍රියාවන් දක්වල තියනවා. එම ආගම් අදහන වැඩිදෙනෙක් එම ක්‍රියාවන් අනුගමනය කර තමා ස්වර්ගයට යන බවට දැඩි විස්වාසයකින් සිටිනවා. වෙන ආගම් පස්සේ යන්නේ නෑ. බෞද්ධ අපි සමහරුන් සෝවාන් වීම කල් දමා වෙනදේවල් කරමින් සහ වෙනත් ආගම් වලට අයිති දේවාල පල්ලි කෝවිල් වලටත් යාමෙන් කොහෙන් හරි අවස්ථාවක් ලැබෙයි කියා බල බලා ඉන්නවා. ඇයි අපි සෝවාන් වීම කල් දමන්නේ ? ඔබ වහන්සේගේ හැම සාකච්ඡාවකම සෝවාන්වීම සඳහන් වීම සතුටට කරුණක්. අපිට සෝවාන් ඵලයට ළඟාවීමට මිටවඩා උත්සහයක් ගැනීමට අපහසුද?

තමා බෞද්ධයන් යැයි සිතා ගෙන සිටිනා බොහෝ අය ධර්මයේ මූලික පදනම (core) ඉගෙන ගෙන නැත. එය පුදුමයක්ද නොවේ. ඒ මන්ද ඒ අය උපන් දා සිට මේ දක්වා කරන්නේ සංස්කෘතික පදනමක් (cultural core) මුලික කරගත් වැඩ පිළිවෙලක් පමණක් නිසාවෙනි. කෙටියන් කිවහොත්, ඒ අයට ඇත්තේ ධර්මයේ පදනම නොව සංස්කෘතියේ පදනම පමණි. සත්‍ය වශයෙන්ම, සංස්කෘතික පදනමක් තිබීම ධර්මයේ මූලික පදනම සොයන්නට (සෝවාන් මාර්ගයට පැමිණීමට කටයුතු කිරීමට) උපකාර කර ගත හැකිය. එනමුත්, ඒ අය, සංස්කෘතික පදනම තුළ පමණක්ම කටයුතු කරති. එසේම ඒ සංස්කෘතික පදනම පමණක් ආරක්ෂා කිරීමට පෙනී සිටිති. ඔබ පවසන, එකී පුද්ගලයන්ගේ මිථ්‍යාදෘෂ්ටික වැඩ (දේව ඇදහිලි සහ තමන්ගේ පටු ලෞකික කටයුතු ) සඳහා විවිධ ආගම් පසුපස යෑම පුදුමයක් නොවේ. දෙව් බඹුන්ගේ පුදපූජාවට පත් බුදුරජාණන්වහන්සේට වැඳ හොර රහසේ, සමහර විට, පෙන්න පෙන්නමින්ම තමන්ගේ ලෞකික ආරක්ෂාව පැතීම සඳහා දේව කෝවිල් වන්දනාවේ යෑම තරම් අපහාසයක් සහ අවමානයක් බුදුරජාණන්වහන්සේට තවත් කළ නොහැකිය. අපි පින්කමක් අවසානයේ දෙවියන්ට පින් දෙන්නේ ඒ අයට උපකාරයක් පිණිසය. ඒ මන්ද, දෙවියන්ට වඩා මිනිසුන්ට කුසල්, පින් කිරීමේ හැකියාව වැඩි නිසාය. එය පටලවාගෙන දෙවියන්ගේ

චේතෝ විමුත්ති (mind-release), පඤ්ඤා විමුත්ති (wisdom-release) සහ උභතෝ විමුත්ති (released in Both Ways) හඳුන්වා දෙන්න.

විමුක්තිය ලබන විධි කිහිපයකි. විමුක්තිය ලැබුණු පසු දක්නට ලැබෙන විශේෂතා කිහිපයකි.  සාමායික චේතෝ විමුත්ති   (තාවකාලික මානසික මිදීම) අකුප්පා චේතෝ විමුත්ති (අවසාන මිදීම) පඤ්ඤා විමුත්ති සහ උභතෝභාග විමුත්ති ( අවසාන මිදීමෙන් පසුව දක්නට ලැබෙන විශේෂතා බෙදීම්) සාමායික චේතෝ විමුත්ති (තාවකාලික මානසික මිදීම) චතුර්විධ ධ්‍යාන සහ චතුර්විධ බ්‍රහ්මවිහාර මූලික කර ගෙන තාවකාලිකව මනස නිදහස් කර ගැනීමයි.  අකුප්පා චේතෝ විමුත්ති (අවසාන මිදීම) අකුප්පා මේ චේතෝ විමුත්ති (ධම්මචක්කප්පවත්තන සුත්‍රය) එනම් අකුප්පා (නොසෙල්වෙන) චේතෝ විමුත්තියයි.  සියලු කෙළෙසුන් නසා සිදුවන රහත් වීමෙන් ලබන විමුක්තියයි. ඒ සඳහා භාවිත කළ හැකි අකුප්පා චේතෝ විමුක්ති  7 ක් දක්වා ඇත. (මජ්ඣිම නිකායේ මහාවේදල්ල සුත්‍රය සහ සංයුත්ත නිකායේ ගෝදත්ත සූත්‍රය) 1. මෙත්තා චේතෝ විමුත්ති (මෛත්‍රිය නිසා මිදුණු සිත) 2. කරුණා චේතෝ විමුත්ති (කරුණාව නිසා මිදුණු සිත) 3. මුදිතා චේතෝ විමුත්ති (මුදිතාව නිසා මිදුණු සිත)  4. උපෙක්ඛා චේතෝ විමුත්ති (උපෙක්ෂාව නිසා මිදුණු සිත) 5. ආකිඤ්ඤචන චේතෝ විමුත්ති (කිසිවක් නැතිබව නිසා නිසා මිදුණු සිත) 6. සුඤ්ඤත චේතෝ විමුත්ති (ශූන්‍යතා

ආර්ය පර්යේෂණය Episode 08 | උපයන ධනය දහමට අනුව අනින්දිතව පරිභෝග කරන්නේ කෙසේද?

සිංහල පරිවර්තනය  https://suttacentral.net/sn3.19/si/zoysa YouTube link for Live Streaming :  https://youtu.be/UzAlukzrpWc (ZOOM  ඇප් එකෙන් සම්බන්ධ නොවී, යූටූබ් හරහා ඔන්ලයින් නැරඹීමට පමණක් අවශ්‍ය ඔබගේ යහලුවන්ට මේ ලින්ක් එක යැවිය හැකිය) පඨමඅපුත්‌තකසුත්‌තං සාවත්‌ථිනිදානං. අථ ඛො රාජා පසෙනදි කොසලො දිවා දිවස්‌ස යෙන භගවා තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා එකමන්‌තං නිසීදි. එකමන්‌තං නිසින්‌නං ඛො රාජානං පසෙනදිං කොසලං භගවා එතදවොච – ‘‘හන්‌ද, කුතො නු ත්‌වං, මහාරාජ, ආගච්‌ඡසි දිවා දිවස්‌සා’’ති? ‘‘ඉධ, භන්‌තෙ, සාවත්‌ථියං සෙට්‌ඨි ගහපති කාලඞ්‌කතො. තමහං අපුත්‌තකං සාපතෙය්‍යං රාජන්‌තෙපුරං අතිහරිත්‌වා ආගච්‌ඡාමි. අසීති, භන්‌තෙ, සතසහස්‌සානි හිරඤ්‌ඤස්‌සෙව, කො පන  වාදො රූපියස්‌ස  ! තස්‌ස ඛො පන, භන්‌තෙ, සෙට්‌ඨිස්‌ස ගහපතිස්‌ස එවරූපො භත්‌තභොගො අහොසි – කණාජකං භුඤ්‌ජති බිලඞ්‌ගදුතියං. එවරූපො වත්‌ථභොගො අහොසි – සාණං ධාරෙති තිපක්‌ඛවසනං. එවරූපො යානභොගො අහොසි – ජජ්‌ජරරථකෙන යාති පණ්‌ණඡත්‌තකෙන ධාරියමානෙනා’’ති. ‘‘එවමෙතං, මහාරාජ, එවමෙතං, මහාරාජ! අසප්‌පුරිසො ඛො, මහාරාජ, උළාරෙ භොගෙ ලභිත්‌වා නෙවත්‌තානං සුඛෙති

අනිත්‍ය භාවනාව කිරීමට සුදුසු දෙයක් තිබේ නම් කරුණාකර මට එවන්න

අනිත්‍ය, දුක්ඛ සහ අනත්ත නම් ත්‍රිලක්ෂණය  යනු බුදුදහම අනුගමනය කරන සෑම දෙනාම විසින් නිරතුරුවම පුරුදු පුහුණු කළ යුතු යථාර්ථය අවබෝධ කර ගන්නාවූ සාධක තුනකි.   මෙහි අනිත්‍ය, දුක්ඛ සහ අනත්ත භාවනා යනුවෙන් ගත යුත්තේ බාහිර ලෝකයේ කාරණා නිසා අප අභ්‍යන්තරයේ ඇතිවන ආවේග සහ සඤ්ඤා මැනවින් දැක ගැනීමට උපකාරයක් වශයෙන් පමණි.  එම නිසා සැම විටම අනිත්‍යය පමණක් භාවනාවක් නොවේ. එය, දුක්ඛ සහ අනත්ත යන සාධක තුළ ද දැකිය යුතුය. වඩාත්ම සුදුසු පදය නම, ත්‍රිලක්ෂණ භාවනා යන්නයි. මහායාන බෞද්ධයන් මේ තුනට තවත් සාධකයක් එක් කරයි. එනම් ශූන්‍යතා යන්නයි.  එනම්, මම, මාගේ, මම වෙමි යන කිසිවක් නැත්නම් සියල්ල ශූන්‍ය යන අදහසයි. එය ථෙරවාද ක්‍රමයටත් ගැලපේ. (සුඤ්ඤ්තා සංකල්පය) නමුත්, අනිත්‍යයෙන් මෙම මානසික වර්ධනය (භාවනාව) පටන් ගත් යුතු වේ. බාහිය සූත්‍රයට අනුව,ඉන්ද්‍රිය, ඉන්ද්‍රීය අරමුණු, ආයතන ආදී කාරණා රාශියක් මුල් කර ගෙන අනිත්‍ය භාවනාව කළ හැකිය. කෙසේ වුවත්, නූතනයට අනුව මෙම භාවනාව කිරීමේදී, එකී ඉන්ද්‍රීය සහ අරමුණු මුල් කර ගැනීම කරන අතරම ප්‍රායෝගිකව වඩාත් පහසු  සහ ඵලදායී ක්‍රමයක් පෙන්වාදීමට කැමැත්තෙමි. අපගේ අදහසට අනුව, නූතන ලෝකයේ මිනිසුන්ට ඉ

ඇලීම (passion) සහ කාම ගවේෂණයෙන් තොරව ඇලීම (passion-free delight) පිලිබඳ වෙනස පැහැදිලි කරන්න

සක්කාය දිට්ඨිය අත හැරීම යනු මම, මට සහ මාගේ යන ව්‍යවහාර තුළ උපාදානයකට නොයෑම පමණයි. සක්කාය දිට්ඨිය අත හැරුණත්, කාමරාගය සහ රූප/ඇරූප රාග චිත්ත සන්තානයේ පවතී. සෝවාන් පමණක් නොව, සකදාගාමී වූ අයත් යුතු අයුතුකම් දැන ගෙන විවාහ ජීවිත ගත කළා. (විශාඛා සහ ඉසිදත්ත කථාවන් බලන්න) මෙතන ඇලෙනවා කියන්නේ උපාදාන කිරීම මිස, සාමාන්‍ය කැමැත්තට නොවේ. සාමාන්‍ය කැමැත්තක් උපාදාන කිර්‍රම තමයි සක්කාය දිට්ඨිය වන්නේ. උපාදාන කිරීමකින් තොරව කෙනෙකුට හෝ දෙයකට ඇලීම වරදක් කියා කියන්න බෑ. උදාහරණයක් වශයෙන්-රහතන්වහන්සේලා ආරණ්‍යයේ ඇලෙන්නේ කාම ගවේෂණයෙන් තොරවය (passion-free delight). (වීතරාගා රමෙස්සන්ති- න තේ කාම ගවේසිනෝ) එම නිසා සම්මුතියක් වශයෙන්, සීමා දැන ගෙන (උපාදාන විරහිතව) පස්කම් සැපත විඳීමත්, පරමාර්ථ වශයෙන් එය කාම ගවේශණයක් නොකර ගැනීමත් අප හැමදෙනාගේම පෞද්ගලික පුරුද්ද බවට පත් කර ගැනීම ප්‍රඥාගෝචර වේ. එම කාර්‍යයට සිහිය (සති) සහ නුවණ (සම්පජඤ්ඤය) වගේම චතුර්විධ යහපත් උත්සාහයන් සතරත් අවශ්‍යය. මෙම 3 එකතුව යෝනිසෝ මනසිකාරයයි.

අපේ හාමුදුරුවනේ, මහා මංගල සුත්‍රයේ " අසේවනාච බාලානං පණ්ඩිතා නන්ච සේවනා " යන ගාථා ධර්මයේ බාලයන් ඇසුරු නොකිරීමත්, පණ්ඩිතයන් ඇසුරු කිරීමත් යන කාරණාව සැලකීමේදී, යම්කිසි බාලයෙකුට පණ්ඩිතයෙක් ඇසුරු කිරීමට අවශ්‍ය වුනොත්, ඒ පණ්ඩිතයා බාලයාව මගහරිනවා නේද? එවිට බාලයාට පණ්ඩිතයා ඇසුරු කිරීමේ අවස්ථාව මගහැරී යනවනේද?

බාලයා -   සිත, කය, වචනයෙන් සැමවිටම අයහපතක් කරන ලද, කර ගත්තාවූ, කරමින් ඉන්නාවූ  කෙනා [ සෙවිතබ්බා සේවිතබ්බ සූත්‍රය, මජ්ඣිම නිකාය] පණ්ඩිතයා -  සිත, කය, වචනයෙන් සැමවිටම යහපතක් කරන ලද, කර ගත්තාවූ, කරමින් ඉන්නාවූ  කෙනා [ සෙවිතබ්බා සේවිතබ්බ සූත්‍රය, මජ්ඣිම නිකාය] බාලයෙකු පණ්ඩිතයෙකු වීමට කළ යුතු ප්‍රථම දේ නම්, තමා බාලයෙකු බව තමන්ව පිළි ගැනීමයි.  ( යෝ බාලෝ මඤ්ඤතී  බාල්‍යං-පණ්ඩිතෝ වා පි තෙන සෝ) (ධම්මපද, බාල වග්ග 4 ගාථාව) ඒ වාගේම පණ්ඩිතයෙකුට ඇසුරු කිරීමට පණ්ඩිතයෙකු නැත්නම්, තනියෙන් හුදකලාව වාසය කිරීම උතුම්බව බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කොට  ඇත. (ඛග්ගවිසාණ සුත්ත, සුත්ත නිපාත) බාලයෙකු පණ්ඩිතයෙකු ආශ්‍රය කිරීමට සිතන මොහොතේදීම ඔහු හෝ ඇය පණ්ඩිතයෙකු වි අවසානය. එය  එසේ නම්, පණ්ඩිතයෙකු ලෙස දැනටමත් කටයුතු කර ගෙන යන අයෙකුට එම බාල භාවයෙන් වෙනස්වූ අලුත් පණ්ඩිතයා ආශ්‍රය කිරීම බාධාවක් නොවේ. නමුත්, ඔහු හෝ ඇය බොරුවට බාලයෙකු වී, පණ්ඩිතබව ප්‍රදර්ශනය කරන්නේ නම්, ඔහු හෝ ඇයගෙන් බැහැර වී තනියෙන් කටයුතු කිරීම හෝ වෙනත් ප ණ්ඩි තයෙක් ආශ්‍රයට කටයුතු සම්පාදනය කර ගැනීම කළ යුතු වේ.  පණ්ඩිතයෙකු කිසිම අයුරකින්වත් බාලයෙකු ඇසුරු

පරතෝඝෝෂක ප්‍රත්‍යය ලැබීමේදී Energy සම්ප්‍රේෂණයක් Synchronize වීමක් තුළින් ශ්‍රාවකයාගේ වෙනසක් සිදුවෙයිද?

මම හිතන්නේ භෞතිකව ධර්මාභිසමය සිදුවන ක්‍රමයක් ගැන කල්පනා කිරීම අත්‍යවශ්‍ය නොවන බවයි. විද්‍යානුකූලව, නිවැරැදිව ආර්‍ය මාර්ගය ගැන කරන දේශනාවක් හමුවේ ශක්තීන් සම්ප්‍රේෂණයක් විය හැකි බව නොරහසකි. නමුත්, සීල, සමාධි සහ ප්‍රඥා වැඩීම මුල් කොටගත් පිළිවෙත් පුරුදු කළ යුතු ඔබට මට, එකී විවරණයන් අත්‍යවශ්‍ය යැයි නොසිතේ. (ආර්‍ය මාර්ගයේ දියුණුවට)   බුදුරජාණන්වහන්සේ ළඟට පැමිණි බොහෝ දෙනාට ධර්මය අභිසමය වූවේ, බුදුරජාණන්වහසේගේ අසිරිමත්කම සහ, එකී පුද්ගලයන් සංසාර ගමනේදී පාරමිතා කුශල පූරණය කොට, සිත ඒ වනවිටත් ආර්ය මාර්ගයේ යන්නට සුදුසු කර ගෙන සිටි නිසායි. නමුත්, උන්වහන්සේ ආර්ය මාර්ගය පවසන විටදී,තමා සතුව පැවති, ආසය අනුසය දන්නා ඥාණය නිසා, අදාළ පුද්ගලයාට අවශ්‍ය විදියට, ආර්ය මාර්ගයට පහසුවෙන් යා හැකි විධියට එම ධර්මය දේශනා කරන ලදී.  එම නිසා ධර්මාභිසමයට එක ජීවිතයක උත්සාහය පමණක් ඇති යන සිතිවිල්ල සමහරවිට නොගැලපිය හැකිය. අනෙක් අතට, පරතෝඝොෂය සැම දෙනාටම ආර්ය මාර්ගයට යන්නට අවශ්‍ය නොවිය හැකිය. නිදසුනක් ලෙස, ආර්ය මාර්ගය නොඅසා (මේ භවයේදී) ජීවිතයේ අත්දැකීමක් පමණක් හරහා දුක තේරුම් ගෙන සසරින් මිදුණු චරිත (සන්තති ඇමති) වගේ අයට පරතෝඝෝෂය

කල්‍යාණමිත්‍රයන් අපට බාහිරෙන් හඳුනා ගත හැකිද?

කල්‍යාණ මිත්‍රයන් වර්ග ගණනාවක් බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කර ඇත. ඔබට මතක නම්, සූත්‍ර සාකච්ඡාවේදී පෙන්වා දෙන, සිඟාලෝවාද සූත්‍රාගත කල්‍යාණ මිත්‍රයන් සහ පාප මිත්‍රයන් පැහැදිලිවම බාහිරයෙන් හඳුනා ගත හැකිය. (ලෞකික ලෝකයට අදාළ කල්‍යාණ මිත්‍රයන්) ඔබ අසන නිවනට හේතුවන කළ්‍යාණ මිත්‍රයා තවත් කෙනෙකි. අප විසින් පසුගියදා කල්‍යාණමිත්ත සූත්‍රයේදී සාකච්ඡා කෙරුනේ ඔහු/ඇය ගැනයි.  එම කළ්‍යාණ මිත්‍රයා හඳුනා ගැනීම පහසුයි.  ආර්ය අෂ්ටාංගික මාර්ගය (සීල, සමාධි සහ පඥ්ඥා) යන පියවර තුන සහිතව, විවේකීව, විරාගීව, නිරෝධයට බරව සහ අත හැරීම මූලික අරමුණුවූ ජීවිතයකට උපකාරී වන යමෙක් අපේ ජීවිතවල ඉන්නවානම් එම අය මෙම දෙවන වර්ගයට අයත් කළ්‍යාණ මිත්‍රයන් වේ. පුද්ගලයන්ගේ කායික, වාචසික සහ මානසික සංවරය බලා කල්‍යාණ මිත්‍රයෙකු වශයෙන් ගැනීම පමණක් සමහර විට සංකූල සහිත විය හැකිය. නිදසුනක් ලෙස, පිළින්දිවච්ඡ මහරහතන් වහන්සේට වාක් සංවරයක් නොතිබුණි. බොහෝ රළු වදන් පිටවූ බව සඳහන්ය. නමුත්, උන්වහන්සේට මානසික සංවරයක් තිබුණි. එනම්, එම වචන භාවිත කර ඇත්තේ ද්වෙෂයකින් නොවේ. උන්වහන්සේ ද්වෙෂය සම්පූර්ණයෙන්ම රහත්  වීමේදී පහ කරන ලදී. මෙයින් කියන්නේ රළු වදන්

පරතෝඝෝෂක ප්‍රත්‍යය ලැබීමට ධර්ම දේශකයන්වහන්සේ කෙනෙකු අභිමුඛව හිඳ ධර්මය ඇසීම, සාකච්ඡා කිරීම කළ යුතුද? Audio/Video වලින් ධර්මය ඇසූ විට මේ ප්‍රත්‍යය අපට ලැබේද?

පරතෝඝෝෂය යනු අන්‍යයන්ගේ හඬින් ධර්මය ඉගෙන ගැනුමයි. සැකෙවින් කියතොත් අනුන්ගෙන් ධර්මය ඉගෙන ගැනුමයි. මෙහි අනුන් යන්න නිරාකරණය කර ගත යුතුයි. (සීල, සමාධි සහ ප්‍රඥා වඩන ආර්‍ය ශ්‍රාවකයෙක්) වර්තමානයේ හඬ සඳහා පවතින කවර මාධ්‍යයක්වුවද (Audio/Video) එයට බාධාවක් යැයි කිව නොහැකිය. ඒ මන්ද, ඒ සෑම මාධ්‍යයකින්ම ධර්මය ඇසිය හැකිය.  Audio/Video නැති කාලයේ වුවද, බුදුරජාණන්වහසේ මනෝමය කයින් ධර්මය දේශනා කළ අවස්ථාද මේ සඳහා නිදසුනක් ලෙස ගත හැකිය.   එම නිසා ධර්ම දේශකයන්වහන්සේ නමක් සමීපයේ කායිකව සිටීම පරතෝඝෝෂයට අත්‍යවශ්‍ය නොවේ. එනමුත්, සමහර විට  එසේ සමීපයේ සිටීම, එකිනෙකාගේ පෞද්ගලික රුචිය සහ ධර්මාභිසමය විය හැකි ආකාරවල විවිධත්වය නිසා යහපත් ප්‍රතිඵල පෙන්විය හැකිය.  මගේ පෞද්ගලික විශ්වාසය නම් (සූත්‍ර සාකච්ඡාවේත් පැවසූවා සේ) ධර්මය ශ්‍රවණය (listening), දර්ශණයට (watching) වඩා ප්‍රතිඵල දායක විය හැකිය. (සුස්සූසා ලභතේ පඥ්ඥා) ප්‍රඥාව ලැබෙන්නේ මනා ධර්ම ශ්‍රවණයෙන් මිස, ධර්ම දර්ශනයෙන් නොවේ. 

වට්ටමූලික තණ්හාව (existential root craving) සහ සමුදාචාර තණ්හාව (behavioral craving) හඳුන්වා දෙන්න.

කාම, භව සහ විභව වශයෙන් භවයෙන් භවයට ප්‍රතිසන්ධියත් සමඟ යන්නේ වට්ටමූලික තණ්හාවයි (existential root craving).  මෙය තණ්හාව අභ්‍යන්තරව පවතින ස්වරූපයයි. (microcosmic extension of   taṇhā) සමුදාචාර තණ්හාව නම් තමන් තමාගේ හැසිරීම තුළ ගොඩනගා ගන්නා වූ තණ්හාවයි. නිදසුනක් ලෙස, කාම අන්වේෂණයේ නිමග්නවූවෙකුට තමන්ගෙන් පරිබාහිරව පවතින පුද්ගල/වස්තු නිසා නිර්මාණය කර ගන්නා වූ තණ්හාවයි (behavioral craving).  මෙය තණ්හාව බාහිරව පවතින ස්වරූපයයි. ( macrocosmic  extension of   taṇhā)

ආර්ය පර්යේෂණය Episode 07 | ආර්‍ය මාර්ගය මනාව දියුණු කර ගැනීමට කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කොපමණ වැදගත්ද?

සිංහල පරිවර්තනය  https:// suttacentral.net/sn3.17/si/ zoysa YouTube link for Live Streaming :  https://youtu.be/PjUgvzIncBM (ZOOM  ඇප් එකෙන් සම්බන්ධ නොවී, යූටූබ් හරහා ඔන්ලයින් නැරඹීමට පමණක් අවශ්‍ය ඔබගේ යහලුවන්ට මේ ලින්ක් එක යැවිය හැකිය) කල්‍යාණමිත්‌තසුත්‌තං සාවත්‌ථිනිදානං. එකමන්‌තං නිසින්‌නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්‌තං එතදවොච – ‘‘ඉධ මය්‌හං  , භන්‌තෙ, රහොගතස්‌ස පටිසල්‌ලීනස්‌ස එවං චෙතසො පරිවිතක්‌කො උදපාදි – ‘ස්‌වාක්‌ඛාතො භගවතා ධම්‌මො, සො ච ඛො කල්‍යාණමිත්‌තස්‌ස කල්‍යාණසහායස්‌ස කල්‍යාණසම්‌පවඞ්‌කස්‌ස, නො පාපමිත්‌තස්‌ස නො පාපසහායස්‌ස නො පාපසම්‌පවඞ්‌කස්‌සා’’’ති. ‘‘එවමෙතං, මහාරාජ, එවමෙතං, මහාරාජ! ස්‌වාක්‌ඛාතො  , මහාරාජ, මයා ධම්‌මො. සො ච ඛො කල්‍යාණමිත්‌තස්‌ස කල්‍යාණසහායස්‌ස කල්‍යාණසම්‌පවඞ්‌කස්‌ස, නො පාපමිත්‌තස්‌ස නො පාපසහායස්‌ස නො පාපසම්‌පවඞ්‌කස්‌සාති. ‘‘එකමිදාහං, මහාරාජ, සමයං සක්‌කෙසු විහරාමි නගරකං නාම සක්‍යානං නිගමො. අථ ඛො, මහාරාජ, ආනන්‌දො භික්‌ඛු යෙනාහං තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා මං අභිවාදෙත්‌වා එකමන්‌තං නිසීදි. එකමන්‌තං නිසින්‌නො ඛො, මහාරාජ, ආනන්‌දො භික්‌ඛු මං එතදවොච – ‘උපඩ්‌ඪමිදං, භන්

ආර්ය පර්යේෂණය Episode 06 | අප්‍රමාදය සියලු කුසලයන්ගේ කාර්යසාධකයා වන්නේ කෙසේද?| අප්පමාද සූත්‍රය

සිංහල පරිවර්තනය  https:// suttacentral.net/kp6/si/zoysa YouTube link for Live Streaming :  https://youtu.be/dE3c_vYXD8s (ZOOM  ඇප් එකෙන් සම්බන්ධ නොවී, යූටූබ් හරහා ඔන්ලයින් නැරඹීමට පමණක් අවශ්‍ය ඔබගේ යහලුවන්ට මේ ලින්ක් එක යැවිය හැකිය) රතනසුත්‌තං 1 . යානීධ  භූතානි සමාගතානි, භුම්‌මානි  [භූමානි (ක.)]  වා යානි ව අන්‌තලික්‌ඛෙ; සබ්‌බෙව භූතා සුමනා භවන්‌තු, අථොපි සක්‌කච්‌ච සුණන්‌තු භාසිතං. 2 . තස්‌මා  හි භූතා නිසාමෙථ සබ්‌බෙ, මෙත්‌තං කරොථ මානුසියා පජාය; දිවා ච රත්‌තො ච හරන්‌ති යෙ බලිං, තස්‌මා හි නෙ රක්‌ඛථ අප්‌පමත්‌තා. 3 . යං කිඤ්‌චි විත්‌තං ඉධ වා හුරං වා, සග්‌ගෙසු  වා යං රතනං පණීතං; න නො සමං අත්‌ථි තථාගතෙන, ඉදම්‌පි බුද්‌ධෙ රතනං පණීතං; එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු. 4 . ඛයං  විරාගං අමතං පණීතං, යදජ්‌ඣගා සක්‍යමුනී සමාහිතො; න තෙන ධම්‌මෙන සමත්‌ථි කිඤ්‌චි, ඉදම්‌පි ධම්‌මෙ රතනං පණීතං; එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු. 5 . යං  බුද්‌ධසෙට්‌ඨො පරිවණ්‌ණයී සුචිං, සමාධිමානන්‌තරිකඤ්‌ඤමාහු; සමාධිනා තෙන සමො න විජ්‌ජති, ඉදම්‌පි ධම්‌මෙ රතනං පණීතං; එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු. 6 . යෙ පුග්‌ගලා අට්‌ඨ සතං පසත්‌ථා, චත්‌තාරි එතානි

Support

Dear Dhamma friends, We greatly appreciate your kind help and support. Thank you.   Paṭisota , Bhante Dr. Gangodawila Chandima provides all services, Dhamma courses, and teachings at no charge. Our activities are maintained by the generosity of all of you who value the teachings of the Buddha.  If you are happy to make a donation to support our dhamma activities, please use one of the links below: ▶   Through   Transferwise  (inexpensive international transfers), use this email address and name. ・chandima.gangodawila@gmail.com ・Chandima Gangodawila Please choose Canadian dollar (CAD) as the transfer currency.  ▶   Through our  PayPal account , c lick the image below. You do not have to have a PayPal account.    ▶   Through E-Transfer to Paṭisota chandima.gangodawila@gmail.com Thank you so much for supporting and spreading the Dhamma. May this lead all to overcome suffering and attain the Supreme Bliss of Nibbana! May you be well and happy! Bhante Dr. Gangodawila Chandima

ආර්ය පර්යේෂණය Episode 05 | රතන සූත්‍රයේ සැබෑ තේරුම සෝවාන් මාර්ගයට මග කියා දීමද? | රතන සූත්‍රය

සිංහල පරිවර්තනය  https://suttacentral.net/kp6/si/zoysa YouTube link for Live Streaming :  https://youtu.be/pXkQu68FJtI (ZOOM  ඇප් එකෙන් සම්බන්ධ නොවී, යූටූබ් හරහා ඔන්ලයින් නැරඹීමට පමණක් අවශ්‍ය ඔබගේ යහලුවන්ට මේ ලින්ක් එක යැවිය හැකිය) රතනසුත්‌තං 1 . යානීධ  භූතානි සමාගතානි, භුම්‌මානි  [භූමානි (ක.)]  වා යානි ව අන්‌තලික්‌ඛෙ; සබ්‌බෙව භූතා සුමනා භවන්‌තු, අථොපි සක්‌කච්‌ච සුණන්‌තු භාසිතං. 2 . තස්‌මා  හි භූතා නිසාමෙථ සබ්‌බෙ, මෙත්‌තං කරොථ මානුසියා පජාය; දිවා ච රත්‌තො ච හරන්‌ති යෙ බලිං, තස්‌මා හි නෙ රක්‌ඛථ අප්‌පමත්‌තා. 3 . යං කිඤ්‌චි විත්‌තං ඉධ වා හුරං වා, සග්‌ගෙසු  වා යං රතනං පණීතං; න නො සමං අත්‌ථි තථාගතෙන, ඉදම්‌පි බුද්‌ධෙ රතනං පණීතං; එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු. 4 . ඛයං  විරාගං අමතං පණීතං, යදජ්‌ඣගා සක්‍යමුනී සමාහිතො; න තෙන ධම්‌මෙන සමත්‌ථි කිඤ්‌චි, ඉදම්‌පි ධම්‌මෙ රතනං පණීතං; එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු. 5 . යං  බුද්‌ධසෙට්‌ඨො පරිවණ්‌ණයී සුචිං, සමාධිමානන්‌තරිකඤ්‌ඤමාහු; සමාධිනා තෙන සමො න විජ්‌ජති, ඉදම්‌පි ධම්‌මෙ රතනං පණීතං; එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු. 6 . යෙ පුග්‌ගලා අට්‌ඨ සතං පසත්‌ථා, චත්‌තාරි එතානි