Skip to main content

Posts

Showing posts from April, 2020

ආර්ය පර්යේෂණය Episode 04 | ආහාරයට සීමා නොමැතිබව ඇඟේ බරට සහ කෙළෙස් බරට කරන බලපෑම | දෝණපාක සූත්‍රය

සිංහල පරිවර්තනය  https://suttacentral.net/sn3.13/si/zoysa YouTube link for Live Streaming :  https://youtu.be/-qP0mKUS8tg (ZOOM  ඇප් එකෙන් සම්බන්ධ නොවී, යූටූබ් හරහා ඔන්ලයින් නැරඹීමට පමණක් අවශ්‍ය ඔබගේ යහලුවන්ට මේ ලින්ක් එක යැවිය හැකිය) දොණපාකසුත්‌තං  සාවත්‌ථිනිදානං. තෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො දොණපාකකුරං  [දොණපාකසුදං (සී.), දොණපාකං සුදං (පී.)]  භුඤ්‌ජති. අථ ඛො රාජා පසෙනදි  කොසලො භුත්‌තාවී මහස්‌සාසී යෙන භගවා තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා එකමන්‌තං නිසීදි. අථ ඛො භගවා රාජානං පසෙනදිං කොසලං භුත්‌තාවිං මහස්‌සාසිං විදිත්‌වා තායං වෙලායං ඉමං ගාථං අභාසි – ‘‘මනුජස්‌ස සදා සතීමතො, මත්‌තං ජානතො ලද්‌ධභොජනෙ; තනුකස්‌ස  [තනු තස්‌ස (සී. පී.)]  භවන්‌ති වෙදනා, සණිකං ජීරති ආයුපාලය’’න්‌ති. තෙන  ඛො පන සමයෙන සුදස්‌සනො මාණවො රඤ්‌ඤො පසෙනදිස්‌ස කොසලස්‌ස පිට්‌ඨිතො ඨිතො හොති. අථ ඛො රාජා පසෙනදි කොසලො සුදස්‌සනං මාණවං ආමන්‌තෙසි – ‘‘එහි ත්‌වං, තාත සුදස්‌සන, භගවතො සන්‌තිකෙ ඉමං ගාථං පරියාපුණිත්‌වා මම භත්‌තාභිහාරෙ (භත්‌තාභිහාරෙ)  [( ) සී. ස්‍යා. කං. පී. පොත්‌ථකෙසු නත්‌ථි]  භාස. අහඤ්‌ච තෙ දෙවසිකං ක

සෑබෑ සතුට ඇත්තේ කොහේද?

බොහෝ අය සතුට සොයති. ඔවුන්ට බොහෝ විට සිතෙන්නේ සතුට ඇත්තේ බාහිර දේවල්වල කියායි. නිදසුනක් ලෙස තරුණ කාලයේ කෙනෙකුට සිතෙන්නේ මුදල් සහ කම් සැපත ලබා ගත හැකි උපරිම සැප ලෙසයි. එකී සැප සිතූ ආකාරයෙන් ලබා ගැනීමට ඇති වෙන අපහසුතාවය ඔවුන්ව තවත් ඒ සඳහා උනන්දු කරවති. මැදි වයසට පැමිණි පසු ලෙඩවලින් ගැලවීමට දරණ උත්සාහයන් දෙස දකින විට, අපිට සිතෙන්නේ, සැබෑ  සතුට සත්‍යවශයෙන්ම තිබී ඇත්තේ තරුණ කාලයේ සොයන්නට බෙහෙවින් උත්සාහ කළ මුදල් හෝ කාමයන් තුළ නොවන බවයි. ඒ මන්ද යත්, සෞඛ්‍ය සැපත ඒ සෑම එකක්ම අබිබවා වැදගත් වන නිසායි. මෙහි ඇති වැදගත්ම කාරණාව නම්, තරුණ කාලයේ සෞඛ්‍ය සම්පන්නව, මුදලට තද ලෙස ආශාවෙන් මූර්ඡා නොවී, ජීවත් වන්න අවශ්‍ය වන පමණට පමණක් ආර්ථිකය සොයා ගත්තා නම්, ජීවිතයේ සන්ධ්‍යා සමයට එය ඉතා පහසුවක් වනවා නිසැකය. අපගේ ප්‍රධාන අදහස නම් ජීවිතයේ සෑබෑ සතුට ඇත්තේ නිරෝගී බව තුළමය යන්නයි. එම නිසා නිරෝගිමත් ජීවිතය අපගේ සැබෑ සතුට වන බව දැන ඊට ගැළපෙන ආකාරයේ ජීවිතයක් තරුණ කාලයේ සිටම නිර්මාණය කර ගනිමු. 

ආර්ය පර්යේෂණය Episode 03 | ලොකුම බැඳීම යකඩ, කඹවලින් බැඳීමද? භෞතික වස්තුවලට, පවුලට, දරුවන්ට බැඳීමද?

සිංහල පරිවර්තනය  https://suttacentral.net/sn3.10/si/zoysa YouTube link for Live Streaming :  https://youtu.be/EDPGzyq_Z0w (ZOOM  ඇප් එකෙන් සම්බන්ධ නොවී, යූටූබ් හරහා ඔන්ලයින් නැරඹීමට පමණක් අවශ්‍ය ඔබගේ යහලුවන්ට මේ ලින්ක් එක යැවිය හැකිය)   බන්‌ධනසුත්‌තං තෙන ඛො පන සමයෙන රඤ්‌ඤා පසෙනදිනා කොසලෙන මහාජනකායො බන්‌ධාපිතො හොති, අප්‌පෙකච්‌චෙ රජ්‌ජූහි අප්‌පෙකච්‌චෙ අන්‌දූහි අප්‌පෙකච්‌චෙ සඞ්‌ඛලිකාහි. අථ  ඛො සම්‌බහුලා භික්‌ඛූ පුබ්‌බණ්‌හසමයං නිවාසෙත්‌වා පත්‌තචීවරමාදාය සාවත්‌ථිං පිණ්‌ඩාය පවිසිංසු. සාවත්‌ථියං පිණ්‌ඩාය චරිත්‌වා පච්‌ඡාභත්‌තං පිණ්‌ඩපාතපටික්‌කන්‌තා යෙන භගවා තෙනුපසඞ්‌කමිංසු; උපසඞ්‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා එකමන්‌තං නිසීදිංසු. එකමන්‌තං නිසින්‌නා ඛො තෙ භික්‌ඛූ භගවන්‌තං එතදවොචුං – ‘‘ඉධ, භන්‌තෙ, රඤ්‌ඤා පසෙනදිනා කොසලෙන මහාජනකායො  බන්‌ධාපිතො, අප්‌පෙකච්‌චෙ රජ්‌ජූහි අප්‌පෙකච්‌චෙ අන්‌දූහි අප්‌පෙකච්‌චෙ සඞ්‌ඛලිකාහී’’ති. අථ  ඛො භගවා එතමත්‌ථං විදිත්‌වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි – ‘‘න  තං දළ්‌හං බන්‌ධනමාහු ධීරා, යදායසං දාරුජං පබ්‌බජඤ්‌ච; සාරත්‌තරත්‌තා මණිකුණ්‌ඩලෙසු, පුත්‌තෙසු දාරෙසු ච යා අපෙක්‌ඛා. ‘‘

ආර්ය පර්යේෂණය Episode 02 | තමා තමන්ට වැඩිපුර ආදරේ ඇයි? (මල්ලිකා සූත්‍රය)

සිංහල පරිවර්තනය  https://suttacentral.net/sn3.8/si/zoysa YouTube link for Live Streaming :  https://youtu.be/EDPGzyq_Z0w (ZOOM  ඇප් එකෙන් සම්බන්ධ නොවී, යූටූබ් හරහා ඔන්ලයින් නැරඹීමට පමණක් අවශ්‍ය ඔබගේ යහලුවන්ට මේ ලින්ක් එක යැවිය හැකිය) මල්‌ලිකාසුත්‌තං සාවත්‌ථිනිදානං  . තෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො මල්‌ලිකාය දෙවියා සද්‌ධිං උපරිපාසාදවරගතො හොති. අථ ඛො රාජා පසෙනදි කොසලො මල්‌ලිකං දෙවිං එතදවොච – ‘‘අත්‌ථි නු ඛො තෙ, මල්‌ලිකෙ, කොචඤ්‌ඤො අත්‌තනා පියතරො’’ති? ‘‘නත්‌ථි ඛො මෙ, මහාරාජ, කොචඤ්‌ඤො අත්‌තනා පියතරො. තුය්‌හං පන, මහාරාජ, අත්‌ථඤ්‌ඤො  කොචි අත්‌තනා පියතරො’’ති? ‘‘මය්‌හම්‌පි ඛො, මල්‌ලිකෙ, නත්‌ථඤ්‌ඤො කොචි අත්‌තනා පියතරො’’ති. අථ ඛො රාජා පසෙනදි කොසලො පාසාදා ඔරොහිත්‌වා යෙන භගවා තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා එකමන්‌තං නිසීදි. එකමන්‌තං නිසින්‌නො ඛො රාජා පසෙනදි  කොසලො භගවන්‌තං එතදවොච – ‘‘ඉධාහං, භන්‌තෙ, මල්‌ලිකාය දෙවියා සද්‌ධිං උපරිපාසාදවරගතො මල්‌ලිකං දෙවිං එතදවොචං – ‘අත්‌ථි නු ඛො තෙ, මල්‌ලිකෙ, කොචඤ්‌ඤො  අත්‌තනා පියතරො’ති? එවං වුත්‌තෙ, භන්‌තෙ, මල්‌ලිකා දෙවී මං එතදවොච – ‘නත්‌ථි ඛො මෙ

රතන සූත්‍රයේ පදගතාර්ථ සහ විවරණ (Sinhala Edition)

BHANTE'S NEW BOOK RELEASE! රතන සූත්‍රයේ පදගතාර්ථ සහ විවරණ Ratana Sutta: Text, Word-to-word Meaning, Translation, and Explanations,  By Ven. Dr. Chandima Gangodawila,  Released on April 15th, 2020 Ratana Sutta: Text, Word-to-word Meaning, Translation, and Explanations මවිසින් සම්පාදිත "රතන සූත්‍රයේ පදගතාර්ථ සහ විවරණ" කෘතිය අද දිනයේදී Google සමාගම විසින් මුද්‍රණය කර ඇත. සිංහල බසින් පදගතාර්ථ සමග පරමත්ථජෝතිකා හෙවත් ඛුද්දක පාඨ අට්ඨකථාව මුල් කොටගත් විවරණ සහිත මෙම කෘතිය සකලවාසී සිංහල බෞද්ධ ජනතාව වෙත මහෝපකාරී වෙතැයි සිතමි. තෙරුවන් සරණයි! ගංගොඩවිල චන්දිම ස්වාමීන්වහන්සේ ・ Google  Play Books ・ Google  Books

(ආර්ය පර්යේෂණය Episode 01) බොරු කීම, බොරු කිරීම, කාමයට සීමා නැති වීම සහ විසඳුම

සිංහල පරිවර්තනය  https://suttacentral.net/sn3.7/si/zoysa YouTube link for Live Streaming :  https://youtu.be/wg3G-S_CGTQ (ZOOM  ඇප් එකෙන් සම්බන්ධ නොවී, යූටූබ් හරහා ඔන්ලයින් නැරඹීමට පමණක් අවශ්‍ය ඔබගේ යහලුවන්ට මේ ලින්ක් එක යැවිය හැකිය) අඩ්‌ඩකරණසුත්‌තං සාවත්‌ථිනිදානං  . එකමන්‌තං නිසින්‌නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්‌තං එතදවොච – ‘‘ඉධාහං, භන්‌තෙ, අඩ්‌ඩකරණෙ  [අත්‌ථකරණෙ (සී. ස්‍යා. කං. පී.)]  නිසින්‌නො පස්‌සාමි ඛත්‌තියමහාසාලෙපි බ්‍රාහ්‌මණමහාසාලෙපි ගහපතිමහාසාලෙපි අඩ්‌ඪෙ මහද්‌ධනෙ මහාභොගෙ පහූතජාතරූපරජතෙ පහූතවිත්‌තූපකරණෙ පහූතධනධඤ්‌ඤෙ කාමහෙතු කාමනිදානං කාමාධිකරණං සම්‌පජානමුසා භාසන්‌තෙ. තස්‌ස මය්‌හං, භන්‌තෙ, එතදහොසි – ‘අලං දානි මෙ අඩ්‌ඩකරණෙන, භද්‍රමුඛො දානි අඩ්‌ඩකරණෙන පඤ්‌ඤායිස්‌සතී’’’ති. ‘‘(එවමෙතං, මහාරාජ, එවමෙතං මහාරාජ!)  [( ) සී. පී. පොත්‌ථකෙසු නත්‌ථි]  යෙපි තෙ, මහාරාජ, ඛත්‌තියමහාසාලා බ්‍රාහ්‌මණමහාසාලා ගහපතිමහාසාලා අඩ්‌ඪා මහද්‌ධනා මහාභොගා පහූතජාතරූපරජතා පහූතවිත්‌තූපකරණා  පහූතධනධඤ්‌ඤා කාමහෙතු කාමනිදානං කාමාධිකරණං සම්‌පජානමුසා භාසන්‌ති; තෙසං තං භවිස්‌සති දීඝරත්‌තං අහිතාය දුක්‌ඛායා’’ති. ඉදමවොච…පෙ.…

දෙවියන්ට පින් දෙන ගාථාවේ සිටින නාගයන්, රතන සූත්‍රයේ "ආනන්තරික සමාධිය" සහ සත්ත සද්ධම්ම ගෝචරා යනාදිය පැහැදිලි කරන්න

ස්වාමින් වහන්ස මට ඉතා සුළු දහම් ගැටළු කීපයක් තියෙනවා. ඒවා සිංහලෙන් ලියා එවන්න හිතුවා. ඔබවහන්සේගෙන් කාරුණික පිළිතුරු වලට මුලින්ම පින් දෙනවා. 1. දෙවියන්ට පින් දීමේදී "දේවා නාගාමහිද්දිකා " කියනවිට "නාගාමහිද්ධිකා" කියන්නේ කාටද ? නාගයන් හා ග්‍රාමයන්හී වසන කියන එකද? 2. රහතුන්ගේ ගුණ කියවෙන ගාථාවක් ලැබුනා " සුඛිනෝ වත අරහන්තෝ ..." යනුවෙන් දැක්වෙන.එහි "සත්ත සද්ධම්ම ගොචරා " කියන්නේ සප්ත ආර්ය ධනයම අරමුණු කොට ගත් කියන එකයි. සප්ත ආර්ය ධනය පැහැදිලි කරලා දෙනවද? 3. රතන සූත්‍රයේ "සමධිමානන්තරිකන්ඥමාහු" යනුවෙන් දැක්වෙන "ආනන්තරික සමාධිය" යනු කුමන සමාධියද? දැනට මෙපමණයි. ඔබවහන්සේට පින්. පිළිතුරු (ආචාර්ය ගංගොඩවිල චන්දිම ස්වාමීන්වහන්සේ විසින්) 1. මෙහි මහිද්ධිකා කියන්නේ " මහා ඍද්ධි ඇති" යන තේරුමයි. එම නිසා තේරුම ගත යුත්තේ මහා ඍද්ධි ඇති නාගයන් යනුවෙනි. මෙහි නාග යනු සර්පයන් නොවේ. විරූපාක්ෂ නම් දෙවියා සහ ඔහුගේ සපරිවාර දෙවිවරුන්ය. 2. සත්ත සද්ධම්ම ගෝචරා යනු සප්ත ආර්ය ධනය නොවේ. සත්ත සද්ධම්ම ගෝචරා යනු ආර්ය ශ්‍රාවකයෙකු තුළ පවත්වා ගත යුතු ගුණාංග 7 යි