Skip to main content

Posts

Showing posts from 2020

ආර්ය පර්යේෂණය Episode 32 | සෑම පුද්ගලයෙකු විසින්ම කළ යුතු යුතුකම් (පත්තකම්ම) සතර

පරිවර්තනය   https://suttacentral.net/an4.61/si/zoysa පත්‌තකම්‌මසුත්‌තං 61. අථ ඛො අනාථපිණ්‌ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා එකමන්‌තං නිසීදි. එකමන්‌තං නිසින්‌නං ඛො අනාථපිණ්‌ඩිකං ගහපතිං භගවා එතදවොච – ‘‘චත්‌තාරොමෙ , ගහපති, ධම්‌මා ඉට්‌ඨා කන්‌තා මනාපා දුල්‌ලභා ලොකස්‌මිං. කතමෙ චත්‌තාරො? භොගා මෙ උප්‌පජ්‌ජන්‌තු සහධම්‌මෙනාති, අයං පඨමො ධම්‌මො ඉට්‌ඨො කන්‌තො මනාපො දුල්‌ලභො ලොකස්‌මිං. ‘‘භොගෙ ලද්‌ධා සහධම්‌මෙන යසො මෙ ආගච්‌ඡතු සහ ඤාතීහි සහ උපජ්‌ඣායෙහීති, අයං දුතියො ධම්‌මො ඉට්‌ඨො කන්‌තො මනාපො දුල්‌ලභො ලොකස්‌මිං. ‘‘භොගෙ ලද්‌ධා සහධම්‌මෙන යසං ලද්‌ධා සහ ඤාතීහි සහ උපජ්‌ඣායෙහි චිරං ජීවාමි දීඝමායුං පාලෙමීති, අයං තතියො ධම්‌මො ඉට්‌ඨො කන්‌තො මනාපො දුල්‌ලභො ලොකස්‌මිං. ‘‘භොගෙ ලද්‌ධා සහධම්‌මෙන යසං ලද්‌ධා සහ ඤාතීහි සහ උපජ්‌ඣායෙහි චිරං ජීවිත්‌වා දීඝමායුං පාලෙත්‌වා කායස්‌ස භෙදා පරං මරණා සුගතිං සග්‌ගං ලොකං උපපජ්‌ජාමීති, අයං චතුත්‌ථො ධම්‌මො ඉට්‌ඨො කන්‌තො මනාපො දුල්‌ලභො ලොකස්‌මිං. ඉමෙ ඛො, ගහපති, චත්‌තාරො ධම්‌මා ඉට්‌ඨා කන්‌තා මනාපා දුල්‌ලභා ලොකස්‌මිං. ‘‘ඉමෙසං ඛො, ගහපති, චතුන්‌නං ධම්‌මා

ආර්ය පර්යේෂණය Episode 31 | සම්මා දිට්ඨිය ඇති කර ගැති හැකි ක්‍රම 16

පරිවර්තනය   https://suttacentral.net/mn9/si/zoysa සම්‌මාදිට්‌ඨිසුත්‌තං එවං මෙ සුතං – එකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමෙ. තත්‍ර ඛො ආයස්‌මා සාරිපුත්‌තො භික්‌ඛූ ආමන්‌තෙසි – ‘‘ආවුසො භික්‌ඛවෙ’’ති. ‘‘ආවුසො’’ති ඛො තෙ භික්‌ඛූ ආයස්‌මතො සාරිපුත්‌තස්‌ස පච්‌චස්‌සොසුං. ආයස්‌මා සාරිපුත්‌තො එතදවොච –‘‘‘සම්‌මාදිට්‌ඨි [සම්‌මාදිට්‌ඨී (සී. ස්‍යා.)] සම්‌මාදිට්‌ඨී’ති, ආවුසො, වුච්‌චති. කිත්‌තාවතා නු ඛො, ආවුසො, අරියසාවකො සම්‌මාදිට්‌ඨි හොති, උජුගතාස්‌ස දිට්‌ඨි, ධම්‌මෙ අවෙච්‌චප්‌පසාදෙන සමන්‌නාගතො, ආගතො ඉමං සද්‌ධම්‌ම’’න්‌ති? ‘‘දූරතොපි ඛො මයං, ආවුසො, ආගච්‌ඡෙය්‍යාම ආයස්‌මතො සාරිපුත්‌තස්‌ස සන්‌තිකෙ එතස්‌ස භාසිතස්‌ස අත්‌ථමඤ්‌ඤාතුං. සාධු වතායස්‌මන්‌තංයෙව සාරිපුත්‌තං පටිභාතු එතස්‌ස භාසිතස්‌ස අත්‌ථො. ආයස්‌මතො සාරිපුත්‌තස්‌ස සුත්‌වා භික්‌ඛූ ධාරෙස්‌සන්‌තී’’ති. ‘‘තෙන හි, ආවුසො, සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්‌සාමී’’ති. ‘‘එවමාවුසො’’ති ඛො තෙ භික්‌ඛූ ආයස්‌මතො සාරිපුත්‌තස්‌ස පච්‌චස්‌සොසුං. ආයස්‌මා සාරිපුත්‌තො එතදවොච – ‘‘යතො ඛො, ආවුසො, අරියසාවකො අකුසලඤ්‌ච පජානාති, අකුසලමූලඤ්‌ච පජානාති, කුසලඤ්‌ච පජානා

මානය, මානයේ අරමුණු සහ මාන ධර්ම බැහැර කිරීම

  මානය කියන්නේ කුමක්ද? මානය කියන්නේ මැනීම යි. අපි measuring කියලා කියනවා. ථේරවාද පාලි පිටක ග්‍රන්ථවලට අනුව, මානය කියන්නේ කොටස් තුනයි. එනම් හීනමානය, සදිසමානය සහ සෙය්‍යමානය වශයෙනි. හීනමානය කියන්නේ මම අනිත් කෙනාට වඩා පහළයි කියලා හැම වෙලාවෙම කල්පනා කරන මානසික ස්වභාවයයි. ඒ වගේම සදිසමානය කියන්නේ තමන් අනුන් සමඟ සම කර ගන්නාවූ මානසික ස්වභාවයයි. සෙය්‍යමානය කියන්නේ තමන් අනුන්ට වඩා දක්ෂයි, ශක්තිමත්, ඊට වඩා හොඳයි කියලා කර ගන්නාවූ අධි තක්සේරුවක් සහිත මානසික ස්වභාවයයි. ආර්ය ගමනට මේ සියලු මානයන් බාධාවක්. කුමන ක්ෂේත්‍රයක් හමුවේ වුවත් ඒක වෙන්න පුළුවන්. මානය පිළිබඳ අභිධර්ම විග්‍රහය ඉතාම පැහැදිලි විස්තරයකි. අභිධර්මයට අනුව සියලු ධර්මයන් චිත්ත, චෛතසික සහ රූප නිබ්බාන වශයෙන් ප්‍රධාන කාරණා හතරට බෙදේ. චිත්ත කොටස් 89 හෝ 121 කි. චෛතසික 52 කි. එයින් අකුසල චෛතසික 14ක් පිළිබඳ කරුණු සඳහන් වේ. මානය යනු මේ අකුසල චෛතසික 14 න්, ලෝභයට අදාළ අකුසල චෛතසිකයකි. අකුසල් චෛතසිකවල අකුසල් ඇති වීමට ප්‍රධාන කාරණා හතරක් ඇත. ලෝභ, දෝෂ, මෝහ කියන්නේ අකුසල් මුල් වශයෙන් දැක්වුවද,, ඒවා ඇතිවෙන හේතුව අපි බොහෝ වෙලාවට දන්නේ නැහැ. මෝහය, අහිරික

ආර්ය පර්යේෂණය සූත්‍ර සාකච්ඡාව පිළිබඳ සහභාගී වූ පින්වතුන්ගේ අදහස් (ඔක්තෝම්බර් 31, 2020)

 

ආර්ය පර්යේෂණය Episode 30 | තණ්හාමූලික ආහාර වර්ග සතර

පරිවර්තනය   https://suttacentral.net/sn12.11/si/zoysa YouTube link for Live Streaming :  https://youtu.be/iba-PQ1auZY (ZOOM  ඇප් එකෙන් සම්බන්ධ නොවී, යූටූබ් හරහා ඔන්ලයින් නැරඹීමට පමණක් අවශ්‍ය ඔබගේ යහලුවන්ට මේ ලින්ක් එක යැවිය හැකිය) ආහාරසුත්‌තං එවං  මෙ සුතං – එකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමෙ…පෙ.… එතදවොච – ‘‘චත්‌තාරොමෙ, භික්‌ඛවෙ, ආහාරා භූතානං වා සත්‌තානං ඨිතියා සම්‌භවෙසීනං වා අනුග්‌ගහාය. කතමෙ චත්‌තාරො? කබළීකාරො ආහාරො – ඔළාරිකො වා සුඛුමො වා, ඵස්‌සො දුතියො, මනොසඤ්‌චෙතනා තතියා, විඤ්‌ඤාණං චතුත්‌ථං. ඉමෙ ඛො, භික්‌ඛවෙ, චත්‌තාරො ආහාරා භූතානං වා සත්‌තානං ඨිතියා සම්‌භවෙසීනං වා අනුග්‌ගහාය’’. ‘‘ඉමෙ, භික්‌ඛවෙ, චත්‌තාරො ආහාරා කිංනිදානා කිංසමුදයා  කිංජාතිකා කිංපභවා? ඉමෙ චත්‌තාරො ආහාරා තණ්‌හානිදානා තණ්‌හාසමුදයා තණ්‌හාජාතිකා තණ්‌හාපභවා. තණ්‌හා චායං, භික්‌ඛවෙ, කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා? තණ්‌හා වෙදනානිදානා වෙදනාසමුදයා වෙදනාජාතිකා  වෙදනාපභවා. වෙදනා චායං, භික්‌ඛවෙ, කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා? වෙදනා ඵස්‌සනිදානා ඵස්‌සසමුදයා ඵස්‌සජාතිකා ඵස්‌ස

ආර්ය පර්යේෂණය Episode 29 | සෝවාන්වීමට අවශ්‍ය කාරණා මොනවාද?

පරිවර්තනය   https://suttacentral.net/sn55.5/si/zoysa YouTube link for Live Streaming :  https://youtu.be/Q4cA7Q8cC84 (ZOOM  ඇප් එකෙන් සම්බන්ධ නොවී, යූටූබ් හරහා ඔන්ලයින් නැරඹීමට පමණක් අවශ්‍ය ඔබගේ යහලුවන්ට මේ ලින්ක් එක යැවිය හැකිය) සොතාපත්‌තියඞ්‌ග සුත්‌තං අථ ඛො ආයස්‌මා සාරිපුත්‌තො යෙන භගවා තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා එකමන්‌තං නිසීදි. එකමන්‌තං නිසින්‌නං ඛො ආයස්‌මන්‌තං සාරිපුත්‌තං භගවා එතදවොච – ‘‘‘සොතාපත්‌තියඞ්‌ගං, සොතාපත්‌තියඞ්‌ග’න්‌ති හිදං, සාරිපුත්‌ත, වුච්‌චති. කතමං නු ඛො සාරිපුත්‌ත, සොතාපත්‌තියඞ්‌ග’’න්‌ති? ‘‘සප්‌පුරිසසංසෙවො හි, භන්‌තෙ, සොතාපත්‌තියඞ්‌ගං, සද්‌ධම්‌මස්‌සවනං සොතාපත්‌තියඞ්‌ගං, යොනිසොමනසිකාරො සොතාපත්‌තියඞ්‌ගං, ධම්‌මානුධම්‌මප්‌පටිපත්‌ති සොතාපත්‌තියඞ්‌ග’’න්‌ති. ‘‘සාධු සාධු, සාරිපුත්‌ත! සප්‌පුරිසසංසෙවො හි, සාරිපුත්‌ත, සොතාපත්‌තියඞ්‌ගං, සද්‌ධම්‌මස්‌සවනං සොතාපත්‌තියඞ්‌ගං, යොනිසොමනසිකාරො සොතාපත්‌තියඞ්‌ගං, ධම්‌මානුධම්‌මප්‌පටිපත්‌ති සොතාපත්‌තියඞ්‌ගං’’. ‘‘‘සොතො, සොතො’ති හිදං, සාරිපුත්‌ත, වුච්‌චති. කතමො නු ඛො, සාරිපුත්‌ත, සොතො’’ති? ‘‘අයමෙව හි, භ

ආර්ය පර්යේෂණය Episode 28 | ඇපකාරයෙකු නැති කාරණා සතර

පරිවර්තනය   https://suttacentral.net/an4.182/si/zoysa YouTube link for Live Streaming :  https://youtu.be/DOyjNkQev8s (ZOOM  ඇප් එකෙන් සම්බන්ධ නොවී, යූටූබ් හරහා ඔන්ලයින් නැරඹීමට පමණක් අවශ්‍ය ඔබගේ යහලුවන්ට මේ ලින්ක් එක යැවිය හැකිය)  පාටිභොගසුත්‌තං  ‘‘චතුන්‌නං  , භික්‌ඛවෙ, ධම්‌මානං නත්‌ථි කොචි පාටිභොගො – සමණො වා බ්‍රාහ්‌මණො වා දෙවො වා මාරො වා බ්‍රහ්‌මා වා කොචි වා ලොකස්‌මිං. ‘‘කතමෙසං චතුන්‌නං? ‘ජරාධම්‌මං මා ජීරී’ති නත්‌ථි කොචි පාටිභොගො – සමණො වා  බ්‍රාහ්‌මණො වා දෙවො වා මාරො වා බ්‍රහ්‌මා වා කොචි වා ලොකස්‌මිං; ‘බ්‍යාධිධම්‌මං මා බ්‍යාධියී’ති නත්‌ථි කොචි පාටිභොගො – සමණො වා බ්‍රාහ්‌මණො වා දෙවො වා මාරො වා බ්‍රහ්‌මා වා කොචි වා ලොකස්‌මිං; ‘මරණධම්‌මං මා මීයී’ති නත්‌ථි කොචි පාටිභොගො – සමණො වා බ්‍රාහ්‌මණො වා දෙවො වා මාරො වා බ්‍රහ්‌මා වා කොචි වා ලොකස්‌මිං; ‘යානි ඛො පන තානි පුබ්‌බෙ අත්‌තනා කතානි පාපකානි කම්‌මානි සංකිලෙසිකානි පොනොභවිකානි සදරානි දුක්‌ඛවිපාකානි ආයතිං ජාතිජරාමරණිකානි, තෙසං විපාකො මා නිබ්‌බත්‌තී’ති නත්‌ථි කොචි පාටිභොගො – සමණො වා බ්‍රාහ්‌මණො වා දෙවො වා මාරො වා බ්‍රහ්‌මා ව

අඳුරෙන් අඳුරට ? අඳුරෙන් ආලෝකයට ? ආලෝකයෙන් අඳුරට ? ආලෝකයෙන් ආලෝකයට ?

  අද ආර්ය පර්යේෂණයේ නමවෙනි දවස. අපි දවස් ගණනාවක් සූත්‍ර සාකච්ඡා කළා. අද සාකච්ඡා කරන්නට තිබෙන සූත්‍රයේ නම පුග්ගල සූත්‍රය. සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයේ 21 වන සූත්‍රය. මේ සූත්‍රයේ ප්‍රධාන අර්ථය අපි මෙහෙම ගත්තොත්, අඳුරෙන් අඳුරට; අඳුරෙන් ආලෝකයට; ආලෝකයෙන් අඳුරට; ආලෝකයෙන් ආලෝකය යන පුද්ගලයන් සතර දෙනෙකු ගැනයි මෙහිදී සාකච්ඡා වන්නේ. ඊළඟට, මේ සූත්‍රයේ සාකච්ඡාවට භාජනය වන්නේ, අපි අපේ ජීවිතවල ආලෝකයක් කරාද යන්නේ නැත්තම් අඳුරක් කරාද යන්නේ කියන එක. කෙටියෙන් කිව්වොත් සමහර කාණ්ඩයක් ඉන්නවා අඳුරෙ ඉඳලා අඳුරටම යන අය හෙවත් අන්ධකාරයේ ඉඳලා අන්ධකාරයට යන අය. තව කාණ්ඩයක් ඉන්නවා අඳුරෙ ඉඳල ආලෝකය හොයා ගෙන යන. තව කාණ්ඩයක් ඉන්නවා ආලෝකයේ ඉඳලා අඳුර හොයාගෙන යන. තව කාණ්ඩයක් ඉන්නවා ආලෝකයේ, ඒ කියන්නේ ආලෝකයේ ඉඳලා එළියට එහෙම නැත්තම් ආලෝකයට යන. ඔබ දන්නවා බෞද්ධ ධර්මයට අනුව අඳුර නැතහොත් අන්ධකාරය කියන්නේ මෝහයට. අපි කවුරුත් කුමක් නිසාද මෝහයට පත් වෙලා තිබෙන්නේ? චතුරාර්ය සත්‍ය නොහොත් ආර්ය සත්‍ය සතර නොදැනීම නිසා. අපි වාචිකව දැනගත්තා වෙන්න පුළුවන්. හැබැයි, එය අපි ජීවිතයේ හරියාකාරව මානසිකව ප්‍රඥාවෙන් තේරුම් අර ගෙන නැති නිසා තම

ආර්ය පර්යේෂණය Episode 27 | ආර්ය ධර්මයේ පිළිපැදීම් සතර

පරිවර්තනය   https://suttacentral.net/an4.161/si/zoysa YouTube link for Live Streaming:  https://youtu.be/DKQAjF0DIXE (ZOOM  ඇප් එකෙන් සම්බන්ධ නොවී, යූටූබ් හරහා ඔන්ලයින් නැරඹීමට පමණක් අවශ්‍ය ඔබගේ යහලුවන්ට මේ ලින්ක් එක යැවිය හැකිය)  සංඛිත්‌තසුත්‌තං ‘‘චතස්‌සො  ඉමා, භික්‌ඛවෙ, පටිපදා. කතමා චතස්‌සො? දුක්‌ඛා පටිපදා දන්‌ධාභිඤ්‌ඤා, දුක්‌ඛා පටිපදා ඛිප්‌පාභිඤ්‌ඤා, සුඛා පටිපදා දන්‌ධාභිඤ්‌ඤා, සුඛා පටිපදා ඛිප්‌පාභිඤ්‌ඤා – ඉමා ඛො, භික්‌ඛවෙ, චතස්‌සො පටිපදා’’ති. පඨමං.

උපයන ධනය දහමට අනුව අනින්දිතව පරිභෝග කරන්නේ කෙසේද?

  අපි මෙම සූත්‍රයේ බුදුරජාණන්වහන්සේ සත්පුරුෂයන් සම්බන්ධයෙන් දේශනා කරන ලද විස්තරය පිළිබඳ අවධානය යොමු කරමු. සත්පුරුෂයා මේකේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. සප්පුරිසො ච ඛො, මහා රාජ, උළාරෙ භොගෙ ලභිත්වා- සත්පුරුෂයාට ගොඩක් ධනය ධාන්‍ය ලැබුනයින් පස්සේ ඒ කෙනා මොකද්ද කරන්නේ; අත්තානං සුඛෙති පීණෙති- තමන් මුලින්ම සැපවත් කර ගන්නවා සතුටු කර ගන්නවා.  ඒක අවශ්‍යනේ.  තමන් සතුටු කරගන්නේ නැතිව සැපවත් කරගන්නේ නැතුව අපට වෙනත් කෙනෙකුගේ සැපක් සතුටක් ගැන හිතන එක අමාරුයි. ඒකට පිළිවෙලක්, යම් කිසි විධියක සීමාවක් තියා ගන්න එක වෙන දෙයක්.  නමුත්, තමන් සැපවත් වෙන්න අවශ්‍යයි.  ඒ වගේම, තමන්ගේ අම්මා තාත්තාට කරන්නත් ඕනේ.  සමහර වෙලාවට අනිත් අයට උදව් කරනවා. අම්මා තාත්තාට කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒවා අපි කරලා ඉන්න ඕන.  තමන්ගෙන් පස්සේ දරුවන්ට, ඒ වගේම භාර්යාවට ස්වාමිපුරුෂයාට, ඒ වගේම වැඩ කරන අය ඉන්නවා නම් ඒ අයට, යාළුවන්ට ශ්‍රමණබ්‍රාහ්මණයන්ට.  එතකොට, ඒ ධනය හොරකම් කරන්නේ නැහැ.  ඒ ධනය ආණ්ඩුවට යන්නේ නැහැ.  තමන් අකමැති කෙනෙක් පැහැර ගන්නේ නැහැ, ලබා ගන්නේ නැහැ.  භොගෙ එවං සම්මා පරිභුඤ්ජියමානෙ - ඉතාම හොඳ, මනාව පාවිච්චි කිරීමක් කියලයි කියන්

ආර්ය පර්යේෂණය Episode 26 | බුදුරජාණන්වහන්සේ විසින් කවරෙකුට මරණය ලබාදෙයිද?

පරිවර්තනය   https://suttacentral.net/an4.111/si/zoysa YouTube link for Live Streaming :  https://youtu.be/xpMnoKUjXGk (ZOOM  ඇප් එකෙන් සම්බන්ධ නොවී, යූටූබ් හරහා ඔන්ලයින් නැරඹීමට පමණක් අවශ්‍ය ඔබගේ යහලුවන්ට මේ ලින්ක් එක යැවිය හැකිය) කෙසිසුත්‌තං  අථ  ඛො කෙසි අස්‌සදම්‌මසාරථි යෙන භගවා තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා එකමන්‌තං නිසීදි. එකමන්‌තං නිසින්‌නං ඛො කෙසිං අස්‌සදම්‌මසාරථිං භගවා එතදවොච – ‘‘ත්‌වං ඛොසි, කෙසි, පඤ්‌ඤාතො අස්‌සදම්‌මසාරථීති. කථං පන ත්‌වං, කෙසි, අස්‌සදම්‌මං විනෙසී’’ති? ‘‘අහං ඛො, භන්‌තෙ, අස්‌සදම්‌මං සණ්‌හෙනපි විනෙමි, ඵරුසෙනපි විනෙමි  , සණ්‌හඵරුසෙනපි විනෙමී’’ති. ‘‘සචෙ තෙ, කෙසි, අස්‌සදම්‌මො සණ්‌හෙන විනයං න උපෙති, ඵරුසෙන විනයං න උපෙති, සණ්‌හඵරුසෙන විනයං න උපෙති, කින්‌ති නං කරොසී’’ති? ‘‘සචෙ මෙ, භන්‌තෙ, අස්‌සදම්‌මො සණ්‌හෙන විනයං න උපෙති, ඵරුසෙන විනයං න උපෙති, සණ්‌හඵරුසෙන විනයං න උපෙති; හනාමි නං, භන්‌තෙ. තං කිස්‌ස හෙතු? මා මෙ ආචරියකුලස්‌ස අවණ්‌ණො අහොසී’’ති. ‘‘භගවා පන, භන්‌තෙ, අනුත්‌තරො පුරිසදම්‌මසාරථි. කථං පන, භන්‌තෙ, භගවා පුරිසදම්‌මං විනෙතී’’ති? ‘‘

ආර්‍ය මාර්ගය මනාව දියුණු කර ගැනීමට කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කොපමණ වැදගත්ද?

  කල්‍යාණ මිත්‍රත්වය කියන එක ඔබ කවුරුත් දැනට දන්න නිසා අපි දන්න කාරණා කීපයක්ම කතා කරලම මේ සූත්‍ර කාරණාවට යන්න. මුලින්ම කියන්න ඕන කල්‍යාණ මිත්‍රයෝ කියන්නේ යහපත් යහළුවෝම (good friends) නෙවෙයි. ඉංග්‍රීසි භාෂාවේ පරිවර්තන ගැටළු තිබෙන්න පුළුවන්. අපි පාලියට බර වෙලා නේ මෙය විග්‍රහ කරන්න යන්නේ. එතකොට අපට මේකේ වෙනස තේරෙනවා. මේ කතා කරන කල්‍යාණ මිත්‍රයන් ආධ්‍යාත්මික මිත්‍රයන් කියලා තමයි අපට ගන්න තිබෙන්නේ. කල්‍යාණමිත්ත පාලි භාෂාවෙන්. කල්‍යාණ මිත්‍රයා කියලා සිංහලෙන් කියන්නත් පුළුවන්. සමහර තැන්වල සිංහල භාෂාවේ වුනත් මිත්‍රයා සහ යහලුවා කියන එක විධි දෙකකට පාවිච්චි කරන අවස්ථා තිබෙනවා. මෙම සූත්‍රයට අනුව කල්‍යාණමිත්තස්ස, කල්‍යාණසහායස්ස; කල්‍යාණසම්පවඞකස්ස කියලා තුන් දෙනෙක් ඉන්නවා. මෙහි යහපත් කියන අර්ථය තිබෙනවා, නමුත් මේ තුන් දෙනෙක්. අපි ආශ්‍රය කරන විධිය අනුව වෙන්වන ආකාර තුනක්. දැන් සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් මෙතන අපිට ගන්න පුළුවන් spiritual friend කියන එක. මෙතන කල්‍යාණසහායස්ස කියන එක ගන්න පුළුවන් spiritual companion වගේ දෙයක්. කළ්‍යාණසම්පවඞකස්ස කියන එක spiritual associate වගේ දෙයක්. එ

ආර්ය පර්යේෂණය Episode 25 | කේන්තියේ ප්‍රමාණය සහ පවතින වේලාව අනුව ඔබ කුමන සර්පයෙක්ද?

පරිවර්තනය   https://suttacentral.net/an4.110/si/zoysa YouTube link for Live Streaming :  https://youtu.be/PgZjPeL7PQo (ZOOM  ඇප් එකෙන් සම්බන්ධ නොවී, යූටූබ් හරහා ඔන්ලයින් නැරඹීමට පමණක් අවශ්‍ය ඔබගේ යහලුවන්ට මේ ලින්ක් එක යැවිය හැකිය) ආසීවිසසුත්‌තං ‘‘චත්‌තාරොමෙ, භික්‌ඛවෙ, ආසීවිසා. කතමෙ චත්‌තාරො? ආගතවිසො න ඝොරවිසො, ඝොරවිසො න ආගතවිසො, ආගතවිසො ච ඝොරවිසො ච, නෙවාගතවිසො න ඝොරවිසො – ඉමෙ ඛො, භික්‌ඛවෙ, චත්‌තාරො ආසීවිසා. එවමෙවං  ඛො, භික්‌ඛවෙ, චත්‌තාරො ආසීවිසූපමා පුග්‌ගලා සන්‌තො සංවිජ්‌ජමානා ලොකස්‌මිං. කතමෙ චත්‌තාරො? ආගතවිසො න ඝොරවිසො, ඝොරවිසො න ආගතවිසො  , ආගතවිසො ච ඝොරවිසො ච, නෙවාගතවිසො න ඝොරවිසො. ‘‘කථඤ්‌ච, භික්‌ඛවෙ, පුග්‌ගලො ආගතවිසො හොති, න ඝොරවිසො? ඉධ, භික්‌ඛවෙ, එකච්‌චො පුග්‌ගලො අභිණ්‌හං කුජ්‌ඣති. සො ච ඛ්‌වස්‌ස කොධො න දීඝරත්‌තං අනුසෙති. එවං ඛො  , භික්‌ඛවෙ, පුග්‌ගලො ආගතවිසො හොති, න ඝොරවිසො. සෙය්‍යථාපි සො, භික්‌ඛවෙ, ආසීවිසො ආගතවිසො, න ඝොරවිසො; තථූපමාහං, භික්‌ඛවෙ, ඉමං පුග්‌ගලං වදාමි. ‘‘කථඤ්‌ච, භික්‌ඛවෙ, පුග්‌ගලො ඝොරවිසො හොති, න ආගතවිසො? ඉධ, භික්‌ඛවෙ, එකච්‌චො පුග්‌ගලො න හෙව ඛො අභිණ්‌හ

ආර්ය පර්යේෂණය Episode 24 | ගැඹුරු පෙනුමක් සහ නොගැඹුරු පෙනුමක් ඇති පුද්ගලයන් සතර දෙනා කවරහුද?

පරිවර්තනය   https://suttacentral.net/an4.104/si/zoysa YouTube link for Live Streaming :  https://youtu.be/y2saWWpM9ts (ZOOM  ඇප් එකෙන් සම්බන්ධ නොවී, යූටූබ් හරහා ඔන්ලයින් නැරඹීමට පමණක් අවශ්‍ය ඔබගේ යහලුවන්ට මේ ලින්ක් එක යැවිය හැකිය) උදකරහදසුත්‌තං ‘‘චත්‌තාරොමෙ, භික්‌ඛවෙ, උදකරහදා. කතමෙ චත්‌තාරො? උත්‌තානො ගම්‌භීරොභාසො, ගම්‌භීරො උත්‌තානොභාසො, උත්‌තානො උත්‌තානොභාසො, ගම්‌භීරො ගම්‌භීරොභාසො – ඉමෙ ඛො, භික්‌ඛවෙ, චත්‌තාරො උදකරහදා. එවමෙවං ඛො, භික්‌ඛවෙ, චත්‌තාරො උදකරහදූපමා  [පු. ප. 161]  පුග්‌ගලා සන්‌තො සංවිජ්‌ජමානා ලොකස්‌මිං. කතමෙ චත්‌තාරො? උත්‌තානො ගම්‌භීරොභාසො  , ගම්‌භීරො උත්‌තානොභාසො, උත්‌තානො උත්‌තානොභාසො, ගම්‌භීරො ගම්‌භීරොභාසො. ‘‘කථඤ්‌ච, භික්‌ඛවෙ, පුග්‌ගලො උත්‌තානො හොති ගම්‌භීරොභාසො? ඉධ, භික්‌ඛවෙ, එකච්‌චස්‌ස පුග්‌ගලස්‌ස පාසාදිකං හොති අභික්‌කන්‌තං පටික්‌කන්‌තං ආලොකිතං විලොකිතං සමිඤ්‌ජිතං පසාරිතං සඞ්‌ඝාටිපත්‌තචීවරධාරණං. සො ‘ඉදං දුක්‌ඛ’න්‌ති යථාභූතං නප්‌පජානාති…පෙ.… ‘අයං දුක්‌ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං නප්‌පජානාති. එවං ඛො, භික්‌ඛවෙ, පුග්‌ගලො උත්‌තානො හොති ගම්‌භීරොභාසො. සෙය්‍යථාප

අප්‍රමාදය සියලු කුසලයන්ගේ කාර්යසාධකයා වන්නේ කෙසේද?

අප්‍රමාදය කියන ධර්මය සියළුම බුදුරජාණන්වහන්සේලාගේ ඉගැන්වීමවල ඉතාම වැදගත් ධර්මයයි. ඒකට මම එක හේතුවක් කියන්නම්. ඔබට මතකද දන්නේ නෑ. අපේ බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පාන්න ආසන්නව සිටි අවස්ථාවේ, උන්වහන්සේ අන්තිම වතාවට භික්ෂූන්වහන්සේලා ආමන්ත්‍රණය කළා. එසේ උන්වහන්සේ අන්තිමටම භික්ෂූන්වහන්සේලා ආමන්ත්‍රණය කළ වෙලාවේ දුන් අවවාදය නිසා තමයි මම කියන්නේ අප්‍රමාදය තමයි ඉතාම වැදගත් ගාමක බලවේගය කියලා. ඒ නිසා අපේ මේ සියළු කටයුතුවල ගාමක බලවේගය විය යුතු වන්නේ අප්‍රමාදයයි. උන්වහන්සේ එම අවවාදය ප්‍රකාශ කළේ මෙසේයි. “හන්දදානි භික්ඛවෙ ආමන්තයාමි වෝ” - මම අන්තිමටම භික්ෂූන්වහන්සේලා ආමන්ත්‍රණය කරනවා. “වය ධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ” – “සංඛාර ධම්මා වය” - සියළු සංස්කාරයෝ නැසෙන සුළුය, එම නිසා අප්‍රමාදයෙන් “සම්පාදෙථ” - කටයුතු කර ගන්න කියලා. එහෙම කියලා උන්වහන්සේ පිරිනිවන් පෑවා. උන්වහන්සේගේ අන්තිම අවවාදය අප්‍රමාදය ලෙස ගන්න කියලා තමයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ. දැන් ඒක තමයි අපට වැදගත් වෙන තැන.  බුදුරජාණන්වහන්සේ අප්‍රමාදය අනෙකුත් කුසල ධර්මයන්ට කරන බලපෑම උදාහරණයකින් පෙන්වනවා. "සෙය්යථාපි" කියන්නේ වගේ කියන

ආර්ය පර්යේෂණය Episode 23 | කථාව තිබේ-වැඩ නැත, වැඩ ඇත-කථාව නැත, කථාවත් වැඩත් නැත, කථාවත් වැඩත් ඇත

පරිවර්තනය   https://suttacentral.net/an4.101/si/zoysa YouTube link for Live Streaming :  https://youtu.be/sGxjZkX_mzw (ZOOM  ඇප් එකෙන් සම්බන්ධ නොවී, යූටූබ් හරහා ඔන්ලයින් නැරඹීමට පමණක් අවශ්‍ය ඔබගේ යහලුවන්ට මේ ලින්ක් එක යැවිය හැකිය) පඨමවලාහකසුත්‌තං එවං  මෙ සුතං – එකං  සමයං භගවා සාවත්‌ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්‌ඛූ ආමන්‌තෙසි – ‘‘භික්‌ඛවො’’ති. ‘‘භදන්‌තෙ’’ති තෙ භික්‌ඛූ භගවතො පච්‌චස්‌සොසුං. භගවා එතදවොච – ‘‘චත්‌තාරොමෙ, භික්‌ඛවෙ, වලාහකා. කතමෙ චත්‌තාරො? ගජ්‌ජිතා නො වස්‌සිතා, වස්‌සිතා නො ගජ්‌ජිතා, නෙව ගජ්‌ජිතා නො වස්‌සිතා, ගජ්‌ජිතා ච වස්‌සිතා ච. ඉමෙ ඛො, භික්‌ඛවෙ, චත්‌තාරො වලාහකා. එවමෙවං ඛො, භික්‌ඛවෙ, චත්‌තාරො වලාහකූපමා පුග්‌ගලා සන්‌තො සංවිජ්‌ජමානා ලොකස්‌මිං. කතමෙ චත්‌තාරො? ගජ්‌ජිතා නො වස්‌සිතා, වස්‌සිතා නො ගජ්‌ජිතා, නෙව ගජ්‌ජිතා නො වස්‌සිතා, ගජ්‌ජිතා ච වස්‌සිතා ච. ‘‘කථඤ්‌ච, භික්‌ඛවෙ, පුග්‌ගලො ගජ්‌ජිතා හොති නො වස්‌සිතා? ඉධ, භික්‌ඛවෙ, එකච්‌චො පුග්‌ගලො භාසිතා හොති, නො කත්‌තා. එවං ඛො, භික්‌ඛවෙ, පුග්‌ගලො ගජ්‌ජිතා හොති, නො වස්‌සිතා. සෙය්‍යථාපි සො, භික්‌

ආර්ය පර්යේෂණය Episode 22 | ධර්මයේ සැබෑ අරමුණ නොදැන අඩු වශයෙන් හෝ වැඩි වශයෙන් ධර්මය හැදෑරීම

පරිවර්තනය   https://suttacentral.net/an4.6/si/zoysa YouTube link for Live Streaming :  https://youtu.be/X4FkCCPiY14 (ZOOM  ඇප් එකෙන් සම්බන්ධ නොවී, යූටූබ් හරහා ඔන්ලයින් නැරඹීමට පමණක් අවශ්‍ය ඔබගේ යහලුවන්ට මේ ලින්ක් එක යැවිය හැකිය) අප්‌පස්‌සුතසුත්‌තං ‘‘චත්‌තාරොමෙ, භික්‌ඛවෙ, පුග්‌ගලා සන්‌තො සංවිජ්‌ජමානා ලොකස්‌මිං. කතමෙ චත්‌තාරො? අප්‌පස්‌සුතො සුතෙන අනුපපන්‌නො, අප්‌පස්‌සුතො සුතෙන උපපන්‌නො, බහුස්‌සුතො සුතෙන අනුපපන්‌නො, බහුස්‌සුතො සුතෙන උපපන්‌නො. කථඤ්‌ච, භික්‌ඛවෙ, පුග්‌ගලො අප්‌පස්‌සුතො හොති සුතෙන අනුපපන්‌නො  ? ඉධ  , භික්‌ඛවෙ, එකච්‌චස්‌ස පුග්‌ගලස්‌ස අප්‌පකං සුතං හොති – සුත්‌තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත්‌තකං ජාතකං අබ්‌භුතධම්‌මං වෙදල්‌ලං. සො තස්‌ස අප්‌පකස්‌ස සුතස්‌ස න අත්‌ථමඤ්‌ඤාය ධම්‌මමඤ්‌ඤාය.  ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නො හොති. එවං ඛො, භික්‌ඛවෙ, පුග්‌ගලො අප්‌පස්‌සුතො හොති සුතෙන අනුපපන්‌නො. ‘‘කථඤ්‌ච, භික්‌ඛවෙ, පුග්‌ගලො අප්‌පස්‌සුතො හොති සුතෙන උපපන්‌නො? ඉධ, භික්‌ඛවෙ, එකච්‌චස්‌ස පුග්‌ගලස්‌ස අප්‌පකං සුතං හොති – සුත්‌තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත්‌තකං ජාතකං  අබ්‌භු

ආහාරයට සීමා නොමැතිබව ඇඟේ බරට සහ කෙළෙස් බරට කරන බලපෑම

භෝජනයේ මාත්‍රාව දැන ගෙන අනුභව කිරීම බුදු දහමේ විශේෂ අවධාරණයක් කර තිබෙනවා.එය ආර්ය මාර්ගයට අනිවාර්ය පහසුවක් වන බවයි ධර්මයේ සඳහන් වන්නේ. දැන් බලන්න මේක හරි වැදගත්. බුදුරජාණන්වහන්සේ පෙන්වනවා මේක සීලයේ කොටසක්. ආහාරයක් ප්‍රමාණයක් නැතුව කෙනෙක් ගන්නවා නම්, ඒ පුද්ගලයා සීලය කඩා ගන්නවා. මොකද ඒක සීලයට බලපානවා. එතකොට සම්පරායික කියන්නේ දැන් ආහාරයේ ප්‍රමාණය දැන ගෙන කන කොට අනාගතයටත් ඔහු හෝ ඇය සීලය පුරනවා. මොකද ආහාරයට තිබෙන ගිජුකම එතන අඩුයි. පින්වත්නි, මේ විධියට අපට දෝණපාක සූත්‍රය තේරුම් ගන්න පුළුවන්. අපි දන්නවා ආහාර ගැනීමයි ඊළඟට අපේ ආධ්‍යාත්මික ජීවිතයයි අතර සම්බන්ධයක් තිබෙනවා. මොකද්ද ඒ සම්බන්ධය? අපි ආහාරවලින් ජීවත් වන්නේ. එතකොට මේ ආහාරයට අපි අනවශ්‍ය ගිජු බවක් දක්වන්න ගියොත්, අපට ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැන් බලන්න අපේ ජීවිතයේ; එකිනෙකාට මේක සම්බන්ධ කර ගන්න එපා, සාමාන්‍යයෙන් අද ලෝකයේ ලොකු ප්‍රශ්නයක් තරබාරුව (obesity).අපි දන්නවා ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියලා තිබෙනවා 2030 විතර වෙනකොට මේ ලෝකයේ 70% විතර තරබාරු ප්‍රශ්නයෙන් කරදර භුක්ති විඳිනවාලු. දැන් අපට මෙතන පෙනෙනවා බුදුරජාණන්වහන්සේ මේ ඇඟ සැහැල්ලුව ත

ලොකුම බැඳීම යකඩ, කඹවලින් බැඳීමද? භෞතික වස්තුවලට, පවුලට, දරුවන්ට බැඳීමද?: බන්‍ධන සූත්‍රය ඇසුරින් (සංයුත්ත නිකාය 3.10)

මේ ධීරා නැත්තම් ආර්ය ශ්‍රාවකයෝ කියන්නේ යදායසං දාරුජං පබ්‌බජඤ්‌ච; යදායසං කියන්නේ ආයස කියන එක.  මොකද්ද ආයස කියලා කියන්නේ? ආයස කියලා කියන්නේ යකඩවලට. එතකොට  යදායසං කියන්නේ යකඩවලින් මොනවා හරි දෙයක් කරලා තිබෙනවා නම්;  දාරුජං - දාරුජ කියන්නේ ලීවලට.  එතකොට ලීවලින් නැත්තම් දැව වලින් මොනවා හරි කරලා තිබෙනවා නම්; පබ්‌බජඤ්‌ච ; පබ්බජ කියන්නේ බුද්ධ කාලයේ තිබුන බට වර්ගයක්.  සමහරු කියනවා මේක තෘණ වර්ගයක් කියලා.  එතකොට යකඩවලින්, දැවවලින්, පබ්බජ කියන බට හෝ තෘණ වර්ගයෙන් මොනවා හරි දෙයක් බැන්දම ඒක බන්ධනයක් කියලා ආර්ය ශ්‍රාවකයෝ කියන්නේ නැහැලු.  ඇයි ඒ?  ඒ අය දකින්නේ ලොකුම බන්ධනය කියලා සාරත්‌තරත්‌තා මණිකුණ්‌ඩලෙසු.  මොකද්ද මේ සාරත්‌තරත්‌තා කියන්නේ? සාරත්ත කියන්නේ පරිළාහය (obsession) - මානසිකව දැඩිව ඇලීම කියන එකයි.  ඒ කියන්නේ සමහරුන්ට පිස්සු හැදෙනවා කියලා කියන්නේ නේද.  එතකොට මේ පරිළාහය හෝ මානසික ඇලීම ඇති වෙන්නේ මොනවා සම්බන්ධවද?  “මණිකුණ්‌ඩලෙසු” - වටින ආභරණවලට; වටින මැණික් වගේ පාෂාණවලට තිබෙන ඇලීම.  මේ ආභරණ වලට හෝ පාෂාණවලට කවුරු හරි ගොඩක් කැමති වෙලා ඉන්නවානම්; ඊළඟට ඒ විතරක් නෙමෙයි - “පුත්‌තෙසු දාරෙසු ච යා අපෙක්