Skip to main content

Posts

Showing posts from August, 2020

ආර්ය පර්යේෂණය Episode 22 | ධර්මයේ සැබෑ අරමුණ නොදැන අඩු වශයෙන් හෝ වැඩි වශයෙන් ධර්මය හැදෑරීම

පරිවර්තනය   https://suttacentral.net/an4.6/si/zoysa YouTube link for Live Streaming :  https://youtu.be/X4FkCCPiY14 (ZOOM  ඇප් එකෙන් සම්බන්ධ නොවී, යූටූබ් හරහා ඔන්ලයින් නැරඹීමට පමණක් අවශ්‍ය ඔබගේ යහලුවන්ට මේ ලින්ක් එක යැවිය හැකිය) අප්‌පස්‌සුතසුත්‌තං ‘‘චත්‌තාරොමෙ, භික්‌ඛවෙ, පුග්‌ගලා සන්‌තො සංවිජ්‌ජමානා ලොකස්‌මිං. කතමෙ චත්‌තාරො? අප්‌පස්‌සුතො සුතෙන අනුපපන්‌නො, අප්‌පස්‌සුතො සුතෙන උපපන්‌නො, බහුස්‌සුතො සුතෙන අනුපපන්‌නො, බහුස්‌සුතො සුතෙන උපපන්‌නො. කථඤ්‌ච, භික්‌ඛවෙ, පුග්‌ගලො අප්‌පස්‌සුතො හොති සුතෙන අනුපපන්‌නො  ? ඉධ  , භික්‌ඛවෙ, එකච්‌චස්‌ස පුග්‌ගලස්‌ස අප්‌පකං සුතං හොති – සුත්‌තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත්‌තකං ජාතකං අබ්‌භුතධම්‌මං වෙදල්‌ලං. සො තස්‌ස අප්‌පකස්‌ස සුතස්‌ස න අත්‌ථමඤ්‌ඤාය ධම්‌මමඤ්‌ඤාය.  ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නො හොති. එවං ඛො, භික්‌ඛවෙ, පුග්‌ගලො අප්‌පස්‌සුතො හොති සුතෙන අනුපපන්‌නො. ‘‘කථඤ්‌ච, භික්‌ඛවෙ, පුග්‌ගලො අප්‌පස්‌සුතො හොති සුතෙන උපපන්‌නො? ඉධ, භික්‌ඛවෙ, එකච්‌චස්‌ස පුග්‌ගලස්‌ස අප්‌පකං සුතං හොති – සුත්‌තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත්‌තකං ජාතකං  අබ්‌භු

ආහාරයට සීමා නොමැතිබව ඇඟේ බරට සහ කෙළෙස් බරට කරන බලපෑම

භෝජනයේ මාත්‍රාව දැන ගෙන අනුභව කිරීම බුදු දහමේ විශේෂ අවධාරණයක් කර තිබෙනවා.එය ආර්ය මාර්ගයට අනිවාර්ය පහසුවක් වන බවයි ධර්මයේ සඳහන් වන්නේ. දැන් බලන්න මේක හරි වැදගත්. බුදුරජාණන්වහන්සේ පෙන්වනවා මේක සීලයේ කොටසක්. ආහාරයක් ප්‍රමාණයක් නැතුව කෙනෙක් ගන්නවා නම්, ඒ පුද්ගලයා සීලය කඩා ගන්නවා. මොකද ඒක සීලයට බලපානවා. එතකොට සම්පරායික කියන්නේ දැන් ආහාරයේ ප්‍රමාණය දැන ගෙන කන කොට අනාගතයටත් ඔහු හෝ ඇය සීලය පුරනවා. මොකද ආහාරයට තිබෙන ගිජුකම එතන අඩුයි. පින්වත්නි, මේ විධියට අපට දෝණපාක සූත්‍රය තේරුම් ගන්න පුළුවන්. අපි දන්නවා ආහාර ගැනීමයි ඊළඟට අපේ ආධ්‍යාත්මික ජීවිතයයි අතර සම්බන්ධයක් තිබෙනවා. මොකද්ද ඒ සම්බන්ධය? අපි ආහාරවලින් ජීවත් වන්නේ. එතකොට මේ ආහාරයට අපි අනවශ්‍ය ගිජු බවක් දක්වන්න ගියොත්, අපට ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැන් බලන්න අපේ ජීවිතයේ; එකිනෙකාට මේක සම්බන්ධ කර ගන්න එපා, සාමාන්‍යයෙන් අද ලෝකයේ ලොකු ප්‍රශ්නයක් තරබාරුව (obesity).අපි දන්නවා ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියලා තිබෙනවා 2030 විතර වෙනකොට මේ ලෝකයේ 70% විතර තරබාරු ප්‍රශ්නයෙන් කරදර භුක්ති විඳිනවාලු. දැන් අපට මෙතන පෙනෙනවා බුදුරජාණන්වහන්සේ මේ ඇඟ සැහැල්ලුව ත

ලොකුම බැඳීම යකඩ, කඹවලින් බැඳීමද? භෞතික වස්තුවලට, පවුලට, දරුවන්ට බැඳීමද?: බන්‍ධන සූත්‍රය ඇසුරින් (සංයුත්ත නිකාය 3.10)

මේ ධීරා නැත්තම් ආර්ය ශ්‍රාවකයෝ කියන්නේ යදායසං දාරුජං පබ්‌බජඤ්‌ච; යදායසං කියන්නේ ආයස කියන එක.  මොකද්ද ආයස කියලා කියන්නේ? ආයස කියලා කියන්නේ යකඩවලට. එතකොට  යදායසං කියන්නේ යකඩවලින් මොනවා හරි දෙයක් කරලා තිබෙනවා නම්;  දාරුජං - දාරුජ කියන්නේ ලීවලට.  එතකොට ලීවලින් නැත්තම් දැව වලින් මොනවා හරි කරලා තිබෙනවා නම්; පබ්‌බජඤ්‌ච ; පබ්බජ කියන්නේ බුද්ධ කාලයේ තිබුන බට වර්ගයක්.  සමහරු කියනවා මේක තෘණ වර්ගයක් කියලා.  එතකොට යකඩවලින්, දැවවලින්, පබ්බජ කියන බට හෝ තෘණ වර්ගයෙන් මොනවා හරි දෙයක් බැන්දම ඒක බන්ධනයක් කියලා ආර්ය ශ්‍රාවකයෝ කියන්නේ නැහැලු.  ඇයි ඒ?  ඒ අය දකින්නේ ලොකුම බන්ධනය කියලා සාරත්‌තරත්‌තා මණිකුණ්‌ඩලෙසු.  මොකද්ද මේ සාරත්‌තරත්‌තා කියන්නේ? සාරත්ත කියන්නේ පරිළාහය (obsession) - මානසිකව දැඩිව ඇලීම කියන එකයි.  ඒ කියන්නේ සමහරුන්ට පිස්සු හැදෙනවා කියලා කියන්නේ නේද.  එතකොට මේ පරිළාහය හෝ මානසික ඇලීම ඇති වෙන්නේ මොනවා සම්බන්ධවද?  “මණිකුණ්‌ඩලෙසු” - වටින ආභරණවලට; වටින මැණික් වගේ පාෂාණවලට තිබෙන ඇලීම.  මේ ආභරණ වලට හෝ පාෂාණවලට කවුරු හරි ගොඩක් කැමති වෙලා ඉන්නවානම්; ඊළඟට ඒ විතරක් නෙමෙයි - “පුත්‌තෙසු දාරෙසු ච යා අපෙක්

ආර්ය පර්යේෂණය Episode 21 | ධර්මවිනයෙන් චුත වීමට බලපාන හේතු සතර

පරිවර්තනය   https://suttacentral.net/an4.2/si/zoysa YouTube link for Live Streaming :  https://youtu.be/AhEeOPyIxFo (ZOOM  ඇප් එකෙන් සම්බන්ධ නොවී, යූටූබ් හරහා ඔන්ලයින් නැරඹීමට පමණක් අවශ්‍ය ඔබගේ යහලුවන්ට මේ ලින්ක් එක යැවිය හැකිය) පපතිතසුත්‌තං ‘‘චතූහි, භික්‌ඛවෙ, ධම්‌මෙහි අසමන්‌නාගතො ‘ඉමස්‌මා ධම්‌මවිනයා පපතිතො’ති වුච්‌චති. කතමෙහි චතූහි? අරියෙන, භික්‌ඛවෙ, සීලෙන අසමන්‌නාගතො ‘ඉමස්‌මා ධම්‌මවිනයා පපතිතො’ති වුච්‌චති. අරියෙන, භික්‌ඛවෙ, සමාධිනා අසමන්‌නාගතො ‘ඉමස්‌මා ධම්‌මවිනයා පපතිතො’ති වුච්‌චති. අරියාය, භික්‌ඛවෙ, පඤ්‌ඤාය අසමන්‌නාගතො ‘ඉමස්‌මා ධම්‌මවිනයා පපතිතො’ති වුච්‌චති. අරියාය, භික්‌ඛවෙ, විමුත්‌තියා අසමන්‌නාගතො ‘ඉමස්‌මා ධම්‌මවිනයා පපතිතො’ති වුච්‌චති. ඉමෙහි ඛො, භික්‌ඛවෙ, චතූහි ධම්‌මෙහි අසමන්‌නාගතො ‘ඉමස්‌මා ධම්‌මවිනයා පපතිතො’ති වුච්‌චති. ‘‘චතූහි  , භික්‌ඛවෙ, ධම්‌මෙහි සමන්‌නාගතො ‘ඉමස්‌මා ධම්‌මවිනයා අපපතිතො’ති වුච්‌චති. කතමෙහි චතූහි? අරියෙන, භික්‌ඛවෙ, සීලෙන සමන්‌නාගතො ‘ඉමස්‌මා ධම්‌මවිනයා අපපතිතො’ති වුච්‌චති. අරියෙන, භික්‌ඛවෙ, සමාධිනා සමන්‌නාගතො  ‘ඉමස්‌මා ධම්‌මවිනයා අපපතිතො’ති වුච්‌

ආර්ය පර්යේෂණය Episode 20 | පංච නීවරණ සහ සත්තබොජ්ඣංගයන් ආහාරයෙන් තොරව නොපවතී. එම ආහාර මොනවාද?

පරිවර්තනය  https://suttacentral.net/sn46.2/si/zoysa YouTube link for Live Streaming :  https://youtu.be/9LuVI5N82pA (ZOOM  ඇප් එකෙන් සම්බන්ධ නොවී, යූටූබ් හරහා ඔන්ලයින් නැරඹීමට පමණක් අවශ්‍ය ඔබගේ යහලුවන්ට මේ ලින්ක් එක යැවිය හැකිය)  කායසුත්‌තං සාවත්‌ථිනිදානං  . ‘‘සෙය්‍යථාපි, භික්‌ඛවෙ, අයං කායො ආහාරට්‌ඨිතිකො, ආහාරං පටිච්‌ච තිට්‌ඨති, අනාහාරො නො තිට්‌ඨති; එවමෙව ඛො, භික්‌ඛවෙ, පඤ්‌ච නීවරණා ආහාරට්‌ඨිතිකා, ආහාරං පටිච්‌ච තිට්‌ඨන්‌ති, අනාහාරා නො තිට්‌ඨන්‌ති. ‘‘කො  ච, භික්‌ඛවෙ, ආහාරො අනුප්‌පන්‌නස්‌ස වා කාමච්‌ඡන්‌දස්‌ස උප්‌පාදාය, උප්‌පන්‌නස්‌ස වා කාමච්‌ඡන්‌දස්‌ස භිය්‍යොභාවාය වෙපුල්‌ලාය? අත්‌ථි, භික්‌ඛවෙ, සුභනිමිත්‌තං. තත්‌ථ අයොනිසොමනසිකාරබහුලීකාරො – අයමාහාරො අනුප්‌පන්‌නස්‌ස වා කාමච්‌ඡන්‌දස්‌ස උප්‌පාදාය, උප්‌පන්‌නස්‌ස වා කාමච්‌ඡන්‌දස්‌ස භිය්‍යොභාවාය වෙපුල්‌ලාය. ‘‘කො ච, භික්‌ඛවෙ, ආහාරො අනුප්‌පන්‌නස්‌ස වා බ්‍යාපාදස්‌ස උප්‌පාදාය, උප්‌පන්‌නස්‌ස වා බ්‍යාපාදස්‌ස භිය්‍යොභාවාය වෙපුල්‌ලාය? අත්‌ථි, භික්‌ඛවෙ, පටිඝනිමිත්‌තං. තත්‌ථ අයොනිසොමනසිකාරබහුලීකාරො – අයමාහාරො අනුප්‌පන්‌නස්‌ස වා බ්‍යාපාදස

බොරු කීම, බොරු කිරීම, කාමයට සීමා නැති වීම සහ විසඳුම

අපි දන්නවා මේ බොරුව මුලින්ම වෙන්නේ වාචිකවනේ - ඇත්ත වශයෙන්ම මුලින්ම මානසික‌ව වෙන්නේ. ඊට පස්සේ  මනසෙන් හිත හදාගෙන වාචිකව සිද්ධ කරනවා.  එතකොට පළවෙනි කාරණාව තමයි බොරුවෙන් අයින් වීම.  දැන් මෙතන ප්‍රශ්නයක් තිබෙනවා.  අපි ඇත්තටම හැම සිදුවීමකම බොරුව (අසත්‍යය) සහ සත්‍ය  හඳුනා ගන්නවාද? ගොඩක් වෙලාවට අපි බොරු කියන්නේ නෑ කියන්නේ සාමාන්‍ය ජීවිතයේ සිදු වුණු දේ, නොසිදුවුණු බවයි. බොරුව  කියන්නේ ඊට වඩා විශාල පසුබිමක් තිබෙන දෙයක්.  එතකොට අපි අපේ ජීවිතයේ කතා බහ, හැසිරීම, සිතීම පැතීම යන හැම දේ තුළම බොරුවෙන් බැහැර වෙලා තියෙන්න ඕනේ. නැත්තම් අපි අන්ධකාරයකට හෙවත් සත්‍යයෙන් තොර ජීවිතයකට යනවා. මෙතන මුලින් කියනවා වාචිකව  අපි බොරුවෙන් අයින් වෙන්න ඕන කියලා.   හැම වෙලාවෙම බොරු කියන්නේ නැහැ කියන්නේ ත‌ව මොකක් හරි කරන්න ඕනනේ.  හැම වෙලාවෙදීම සත්‍ය කථා කරන තැනට වැඩ කරන්න ඕනේ. අඩු තරමේ උත්සාහ ගන්න ඕනේ. කරුණාවන්ත වෙන්න බැරි නම් අඩු ගානේ වැරදි වැඩේවත් නොකර ඉන්න කියනවානේ. බොරු කීමෙන් අයින් වුනාම මොනවා හරි ප්‍රතිපදාවක් තියෙන්න උවමනා නේ ඒකෙන් අයින් වෙන්න.  ඒ නිසා උත්සාහ කරන්න සත්‍ය කතා කරන්න. සත්‍ය කතා කරන්න ගියාම ප්‍රශ

ආර්ය පර්යේෂණය Episode 19 | මෙම ආත්මභාවය තමා විසින් හෝ අනුන් විසින් කරන ලද්දක්ද?

පරිවර්තනය   https://suttacentral.net/sn5.9/si/zoysa YouTube link for Live Streaming :  https://youtu.be/nNlr-IS3QCc (ZOOM  ඇප් එකෙන් සම්බන්ධ නොවී, යූටූබ් හරහා ඔන්ලයින් නැරඹීමට පමණක් අවශ්‍ය ඔබගේ යහලුවන්ට මේ ලින්ක් එක යැවිය හැකිය) සෙලාසුත්‌තං සාවත්‌ථිනිදානං  . අථ ඛො සෙලා භික්‌ඛුනී පුබ්‌බණ්‌හසමයං නිවාසෙත්‌වා…පෙ.… අඤ්‌ඤතරස්‌මිං රුක්‌ඛමූලෙ දිවාවිහාරං නිසීදි. අථ ඛො මාරො පාපිමා සෙලාය භික්‌ඛුනියා භයං ඡම්‌භිතත්‌තං ලොමහංසං උප්‌පාදෙතුකාමො…පෙ.… සෙලං  භික්‌ඛුනිං ගාථාය අජ්‌ඣභාසි – ‘‘කෙනිදං පකතං බිම්‌බං, ක්‌වනු බිම්‌බස්‌ස කාරකො; ක්‌වනු බිම්‌බං සමුප්‌පන්‌නං, ක්‌වනු බිම්‌බං නිරුජ්‌ඣතී’’ති. අථ ඛො සෙලාය භික්‌ඛුනියා එතදහොසි – ‘‘කො නු ඛ්‌වායං මනුස්‌සො වා අමනුස්‌සො වා ගාථං භාසතී’’ති? අථ ඛො සෙලාය භික්‌ඛුනියා  එතදහොසි – ‘‘මාරො ඛො අයං පාපිමා මම භයං ඡම්‌භිතත්‌තං ලොමහංසං උප්‌පාදෙතුකාමො සමාධිම්‌හා චාවෙතුකාමො ගාථං භාසතී’’ති. අථ ඛො සෙලා භික්‌ඛුනී ‘‘මාරො අයං පාපිමා’’ ඉති විදිත්‌වා මාරං පාපිමන්‌තං ගාථාහි පච්‌චභාසි – ‘‘නයිදං අත්‌තකතං  බිම්‌බං, නයිදං පරකතං අඝං; හෙතුං පටිච්‌ච සම්‌භූතං, හෙතුභඞ්‌ග

ආර්ය පර්යේෂණය Episode 18 | අවිජ්ජාවෙන් මිච්ඡා දිට්ඨියත්, විද්‍යාවෙන් සම්මා දිට්ඨියත්

පරිවර්තනය   https://suttacentral.net/sn45.1/si/zoysa YouTube link for Live Streaming :  https://youtu.be/Rryln0ILgf0 (ZOOM  ඇප් එකෙන් සම්බන්ධ නොවී, යූටූබ් හරහා ඔන්ලයින් නැරඹීමට පමණක් අවශ්‍ය ඔබගේ යහලුවන්ට මේ ලින්ක් එක යැවිය හැකිය) අවිජ්‌ජාසුත්‌තං එවං  මෙ සුතං – එකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්‌ඛූ ආමන්‌තෙසි – ‘‘භික්‌ඛවො’’ති. ‘‘භදන්‌තෙ’’ති තෙ භික්‌ඛූ භගවතො පච්‌චස්‌සොසුං. භගවා එතදවොච – ‘‘අවිජ්‌ජා, භික්‌ඛවෙ, පුබ්‌බඞ්‌ගමා අකුසලානං ධම්‌මානං සමාපත්‌තියා, අන්‌වදෙව අහිරිකං අනොත්‌තප්‌පං  . අවිජ්‌ජාගතස්‌ස, භික්‌ඛවෙ, අවිද්‌දසුනො මිච්‌ඡාදිට්‌ඨි පහොති; මිච්‌ඡාදිට්‌ඨිස්‌ස මිච්‌ඡාසඞ්‌කප්‌පො පහොති; මිච්‌ඡාසඞ්‌කප්‌පස්‌ස මිච්‌ඡාවාචා පහොති; මිච්‌ඡාවාචස්‌ස මිච්‌ඡාකම්‌මන්‌තො පහොති; මිච්‌ඡාකම්‌මන්‌තස්‌ස මිච්‌ඡාආජීවො පහොති; මිච්‌ඡාආජීවස්‌ස මිච්‌ඡාවායාමො පහොති; මිච්‌ඡාවායාමස්‌ස මිච්‌ඡාසති පහොති; මිච්‌ඡාසතිස්‌ස මිච්‌ඡාසමාධි පහොති. ‘‘විජ්‌ජා  ච ඛො, භික්‌ඛවෙ, පුබ්‌බඞ්‌ගමා කුසලානං ධම්‌මානං සමාපත්‌තියා, අන්‌වදෙව හිරොත්‌තප්‌පං. විජ්‌ජාගතස්‌ස, භික්‌ඛවෙ  , විද්‌දසුනො ස

ධාතු (අදහස්) වශයෙන් හීන සහ කළ්‍යාණ පුද්ගලයන් එකතු වන හැටි

මේ සූත්‍රයේ නම හීනාධිමුත්තික සූත්‍රය. කලින් පෙන්නුම් කළ පරිදි මෙය සිදු වුණේ සැවැත් නුවර. එහිදී බුදුරජාණන්වහන්සේ පෙන්නුම් කරනවා ධාතුසො’ව - ධාතු නිසා තමයි මහණෙනි සත්වයන් සංසන්දනය වෙන්නෙත් එකතු වන්නෙත් කියලා. අපිට පිටින් ගත්තොත් අපිට මිනිසුන් සංසන්දනය කරන්න පුළුවන් නේ හොඳ හෝ නරක කියලා. මේ ධර්මතාවයන් අනුව කොහොමද එකතු වන්නේ. හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති : අපි අර කිව්ව අර ඉන්ද්‍රීය අරමුණු සහ විඤ්ඤාණ නරක විධියට ගන්න අයත් ඒ වගේම අයහපත් සංකල්ප වන කාම, ව්‍යාපාද, විහිංසා ගන්න අයත් මොකද කරන්නේ ඒ විධියටම ඉන්ද්‍රීය අරමුණු සහ විඤ්ඤාණ නරක විධියට ගන්න සහ ඒ වගේම සංකල්පනා නරක විධියට ගන්න අයත් සමඟ තමයි ඒ අයගේ භජනය හෝ ආශ්‍රය ඇති වෙන්නේ.   ඊළඟට අනිත් පැත්ත. කළ්‍යාණාධිමුත්තිකෙහි සදධිං සංසන්දන්ති සමෙන්ති : ඒ කියන්නේ යහපත් අදහස් - ඉන්ද්‍රීය අරමුණු විඤ්ඤාණ යහපත් විධියට නිර්මාණය කර ගන්න අයත් ඒ වගේම යහපත් සංකල්ප හදා ගන්න අයත් එබඳු අයම තමයි ආශ්‍රය කරන්න පෙළඹෙන්නේ. බුදුරජාණන්වහන්සේ ඊළඟට පෙන්නුම් කරනවා අතීතයේදීත් මේ ලෝකයේ ඔය කතාවම තමයි. හීන ගති ඇති අය හීන ගති ඇති අය ආශ්‍රය කරන්න ග