Skip to main content

Posts

Showing posts from June, 2020

ආර්ය පර්යේෂණය Episode 13 | භාවනාමය ප්‍රඥාව මගින් සය වැදෑරුම් ඉන්ද්‍රීයයන් දෙස බලන ආකාරය

පරිවර්තනය   https://suttacentral.net/sn18.1/si/zoysa YouTube link for Live Streaming :  https://youtu.be/LnLrGp2X76M (ZOOM  ඇප් එකෙන් සම්බන්ධ නොවී, යූටූබ් හරහා ඔන්ලයින් නැරඹීමට පමණක් අවශ්‍ය ඔබගේ යහලුවන්ට මේ ලින්ක් එක යැවිය හැකිය) චක්‌ඛුසුත්‌තං එවං  මෙ සුතං – එකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමෙ. අථ ඛො ආයස්‌මා රාහුලො යෙන භගවා තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා එකමන්‌තං නිසීදි. එකමන්‌තං නිසින්‌නො ඛො ආයස්‌මා රාහුලො භගවන්‌තං එතදවොච – ‘‘සාධු මෙ, භන්‌තෙ, භගවා සංඛිත්‌තෙන ධම්‌මං දෙසෙතු, යමහං භගවතො ධම්‌මං සුත්‌වා එකො වූපකට්‌ඨො අප්‌පමත්‌තො ආතාපී පහිතත්‌තො විහරෙය්‍ය’’න්‌ති. ‘‘තං කිං මඤ්‌ඤසි, රාහුල, චක්‌ඛුං නිච්‌චං වා අනිච්‌චං වා’’ති? ‘‘අනිච්‌චං, භන්‌තෙ’’. ‘‘යං පනානිච්‌චං දුක්‌ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්‌ඛං, භන්‌තෙ’’. ‘‘යං  පනානිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං, කල්‌ලං නු තං සමනුපස්‌සිතුං – ‘එතං මම, එසොහමස්‌මි, එසො මෙ අත්‌තා’’’ති? ‘‘නො හෙතං, භන්‌තෙ’’. ‘‘සොතං නිච්‌චං වා අනිච්‌චං වා’’ති? ‘‘අනිච්‌චං, භන්‌තෙ’’…පෙ.…. ‘‘ඝානං නිච්‌චං වා අනිච්‌චං වා’’ති? ‘‘අනිච

ආර්ය පර්යේෂණය Episode 12 | ලාභ සත්කාර, ස්තුති ප්‍රශංසා ආර්ය මාර්ගයට කරන හානිය

පරිවර්තනය https://suttacentral.net/sn17.1/si/zoysa YouTube link for Live Streaming :  https://youtu.be/LfWToGyVnvI (ZOOM  ඇප් එකෙන් සම්බන්ධ නොවී, යූටූබ් හරහා ඔන්ලයින් නැරඹීමට පමණක් අවශ්‍ය ඔබගේ යහලුවන්ට මේ ලින්ක් එක යැවිය හැකිය) දාරුණසුත්‌තං එවං  මෙ සුතං – එකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්‌ඛූ ආමන්‌තෙසි – ‘‘භික්‌ඛවො’’ති. ‘‘භදන්‌තෙ’’ති තෙ භික්‌ඛූ භගවතො පච්‌චස්‌සොසුං. භගවා  එතදවොච – ‘‘දාරුණො, භික්‌ඛවෙ, ලාභසක්‌කාරසිලොකො කටුකො ඵරුසො අන්‌තරායිකො අනුත්‌තරස්‌ස යොගක්‌ඛෙමස්‌ස අධිගමාය. තස්‌මාතිහ, භික්‌ඛවෙ, එවං සික්‌ඛිතබ්‌බං – ‘උප්‌පන්‌නං ලාභසක්‌කාරසිලොකං පජහිස්‌සාම, න ච නො උප්‌පන්‌නො ලාභසක්‌කාරසිලොකො චිත්‌තං පරියාදාය ඨස්‌සතී’ති. එවඤ්‌හි වො, භික්‌ඛවෙ, සික්‌ඛිතබ්‌බ’’න්‌ති. පඨමං.

ආර්ය පර්යේෂණය සූත්‍ර මාතෘකා සහ ආචාරමාලාව | (අන්තර්ජාල ධර්ම සම්භාෂණය)

ආර්ය පර්යේෂණය අන්තර්ජාල ධර්ම සම්භාෂණය ZOOM සිංහල සූත්‍ර සාකච්ඡාව ආචාර්ය ගංගොඩවිල චන්දිම ස්වාමින්වහන්සේ විසින්  සෑම බ්‍රහස්පතින්දා දිනයකදීම ඔටවා වේලාවෙන් සවස 4 සිට 5 දක්වා ආර්ය පර්යේෂණය සූත්‍ර සාකච්ඡාව පවත්වනු ලැබේ. April 09, 2020 බොරු කීම, බොරු කිරීම, කාමයට සීමා නැති වීම සහ විසඳුම (අත්ථකරණ සූත්‍රය, සංයුත්ත නිකාය 3.7) April 16, 2020 තමා තමන්ට වැඩිපුර ආදරේ ඇයි? (මල්ලිකා සූත්‍රය, සංයුත්ත නිකාය 3.16) April 23, 2020 ලොකුම බැඳීම යකඩ, කඹවලින් බැඳීමද? භෞතික වස්තුවලට, පවුලට, දරුවන්ට බැඳීමද? (බන්ධන සූත්‍රය, සංයුත්ත නිකාය 3.10) May 07, 2020 රතන සූත්‍රයේ සැබෑ තේරුම සෝවාන් මාර්ගයට මග කියා දීමද? (රතන සූත්‍රය, ඛුද්දක පාඨ 7) May 14, 2020 අප්‍රමාදය සියලු කුසලයන්ගේ කාර්යසාධකයා වන්නේ කෙසේද? (අප්පමාද සූත්‍රය, සංයුත්ත නිකාය 3.17)  May 21, 2020 ආර්‍ය මාර්ගය මනාව දියුණු කර ගැනීමට කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කොපමණ වැදගත්ද? (කල්‍යාණමිත්තතා සූත්‍රය, සංයුත්ත නිකාය 3.18) May 28, 2020 උපයන ධනය දහමට අනුව අනින්දිතව පරිභෝග කරන්නේ කෙසේද? (පඨම අපුත්තක සූත්‍රය, සංයුත්ත නිකාය 3.19) June 04, 2020 අඳුරෙන් අඳුරට? අඳුරෙන් එළියට? එ

ආර්ය පර්යේෂණය Episode 11 | ලෝකයට අහිත පිණිස, දුක් පිණිස සහ අපහසු පිණිස පවතින කාරණා 3

පරිවර්තනය https://suttacentral.net/sn3.23/si/zoysa YouTube link for Live Streaming :  https://youtu.be/Va71yhyLTJM (ZOOM  ඇප් එකෙන් සම්බන්ධ නොවී, යූටූබ් හරහා ඔන්ලයින් නැරඹීමට පමණක් අවශ්‍ය ඔබගේ යහලුවන්ට මේ ලින්ක් එක යැවිය හැකිය) ලොකසුත්‌තං  සාවත්‌ථිනිදානං  . එකමන්‌තං නිසින්‌නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්‌තං එතදවොච  – ‘‘කති නු ඛො, භන්‌තෙ, ලොකස්‌ස ධම්‌මා උප්‌පජ්‌ජමානා උප්‌පජ්‌ජන්‌ති අහිතාය දුක්‌ඛාය අඵාසුවිහාරායා’’ති? ‘‘තයො ඛො, මහාරාජ, ලොකස්‌ස ධම්‌මා උප්‌පජ්‌ජමානා උප්‌පජ්‌ජන්‌ති අහිතාය දුක්‌ඛාය අඵාසුවිහාරාය. කතමෙ තයො? ලොභො ඛො, මහාරාජ, ලොකස්‌ස ධම්‌මො, උප්‌පජ්‌ජමානො උප්‌පජ්‌ජති අහිතාය දුක්‌ඛාය අඵාසුවිහාරාය. දොසො  ඛො, මහාරාජ, ලොකස්‌ස ධම්‌මො, උප්‌පජ්‌ජමානො උප්‌පජ්‌ජති අහිතාය දුක්‌ඛාය අඵාසුවිහාරාය. මොහො ඛො, මහාරාජ, ලොකස්‌ස ධම්‌මො, උප්‌පජ්‌ජමානො උප්‌පජ්‌ජති අහිතාය දුක්‌ඛාය අඵාසුවිහාරාය. ඉමෙ ඛො, මහාරාජ, තයො ලොකස්‌ස ධම්‌මා උප්‌පජ්‌ජමානා උප්‌පජ්‌ජන්‌ති අහිතාය දුක්‌ඛාය අඵාසුවිහාරායා’’ති. ඉදමවොච…පෙ.… ‘‘ලොභො  දොසො ච මොහො ච, පුරිසං පාපචෙතසං; හිංසන්‌ති අත්‌තසම්‌භූතා, තචසාරංව සම්‌ඵල’’න්‌ති.

ආර්ය පර්යේෂණය Episode 10 | මානය, මානයේ අරමුණු සහ මාන ධර්ම බැහැර කිරීම

පරිවර්තනය https://suttacentral.net/sn8.3/si/zoysa YouTube link for Live Streaming :  https://www.youtube.com/watch?v=a8yGEtw5nTU (ZOOM  ඇප් එකෙන් සම්බන්ධ නොවී, යූටූබ් හරහා ඔන්ලයින් නැරඹීමට පමණක් අවශ්‍ය ඔබගේ යහලුවන්ට මේ ලින්ක් එක යැවිය හැකිය)   පෙසලසුත්‌තං එකං සමයං ආයස්‌මා වඞ්‌ගීසො ආළවියං විහරති අග්‌ගාළවෙ චෙතියෙ ආයස්‌මතා නිග්‍රොධකප්‌පෙන උපජ්‌ඣායෙන සද්‌ධිං. තෙන ඛො පන සමයෙන  ආයස්‌මා වඞ්‌ගීසො අත්‌තනො පටිභානෙන අඤ්‌ඤෙ පෙසලෙ භික්‌ඛූ අතිමඤ්‌ඤති. අථ ඛො ආයස්‌මතො වඞ්‌ගීසස්‌ස එතදහොසි – ‘‘අලාභා වත මෙ, න වත මෙ ලාභා; දුල්‌ලද්‌ධං වත මෙ, න වත මෙ සුලද්‌ධං; ය්‌වාහං අත්‌තනො පටිභානෙන අඤ්‌ඤෙ පෙසලෙ භික්‌ඛූ අතිමඤ්‌ඤාමී’’ති. අථ ඛො ආයස්‌මා වඞ්‌ගීසො අත්‌තනාව අත්‌තනො විප්‌පටිසාරං උප්‌පාදෙත්‌වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි – ‘‘මානං පජහස්‌සු ගොතම, මානපථඤ්‌ච පජහස්‌සු; අසෙසං මානපථස්‌මිං, සමුච්‌ඡිතො විප්‌පටිසාරීහුවා චිරරත්‌තං. ‘‘මක්‌ඛෙන මක්‌ඛිතා පජා, මානහතා නිරයං පපතන්‌ති; සොචන්‌ති ජනා චිරරත්‌තං, මානහතා නිරයං උපපන්‌නා. ‘‘න  හි සොචති භික්‌ඛු කදාචි, මග්‌ගජිනො සම්‌මාපටිපන්‌නො; කිත්‌තිඤ්‌ච සුඛඤ්‌ච අනුභොති, ධම්‌මදසොත

පින් දහම් කලාම පවුලේ අයට නීරෝගි බව දීර්ඝායුෂ ප්‍රාර්තනා කිරීම ඉබේටම සිදු වෙනවා. නමුත් අප කල යුත්තේ නිවන් ප්‍රාර්තනා කිරීම පමනක් බවයි මට වැටහුනේ. පවුලේ අයට සෙත් ප්‍රර්තනා කලාට කමක් නැති අවස්තාවක් තියෙනවද?

කුමන හෝ යහපත් කටයුත්තක් කළ විට අපට ළංවී සිටින අයට සහ ළංවී නැති (සියලු සත්ත්වයෝ) සඳහා කායික සහ මානසික සැපතට ප්‍රාර්ථනාවක් කිරීම ධර්මයට ගැලපේ. ඒ මන්ද යත්, අපි මෙත්තා භාවනාව සිදු කරන විටදී වුවද මුළින්ම මෙත් සිත වඩන්නේ තමන්ට නිසායි. මෙත් සිත තමන්ට මුළින්ම වඩන්නේ තමාට සහ තමන්ගේ පවුලේ අයට ගොඩාක් මෙත් සිත සහ අන්‍යයනට ඊට වඩා අඩුවෙන් ලබා දීමට නොව, තමන්ට සහ තමන්ගේ අයට මුළින්ම මෙත් සිත පතුරුවූවිටදී, අන්‍යයන්ටද පැතිරවියයුතු මෙත් සිතේ තරම තමන්ට තේරුම් ගැනීම සඳහාය. (as a reference) මෙම නිසා, තමන්ට සහ තම පවුලේ අයට මුළින්ම යහපත් ප්‍රාර්ථනාවන් කොට, සියලු ලෝ වැසි සත්ත්වයන්ට එම සමාන ප්‍රාර්ථනාවම කරන්න. නමුත්, ඔබගේ මූලික සහ වැදගත්ම ප්‍රාර්ථනාව ඊට පසුව සිදු කළ යුතුය. එනම්, නිර්වාණය ලැබීමට පමණක් එකී සියලු යහපත් කටයුතුවල බලාපොරොත්තුව වීමයි. එම නිසා සෑම යහපත් කටයුත්තක් අවසානයේදීම, නැගිටින්නට මත්තෙන් ඔබ සැම පැතිය යුතු වන්නේ, මා මේ යහපත් කටයුත්ත කුශල ක්‍රියාවක් ලෙස පමණක් සිදු කළ බවටත්, එහී එකී අවස්ථාවේ අරමුණ සෙත් පැතීමන් වුවත්, මූලික සහ වැදගත්ම අරමුණ කෙසේ හෝ ලෝභය, දෝෂය සහ මෝහය අඩු වීමට හේතුවක් කර ගැනීම පමණක් වී

මට තේරුන විදියට අකුසල් වලින් වැලකී සිටි පමණින් වත් කොපමන දන් දුන්නත් මාර්ග පලයක් ලබන්න බැරි බවයි. සමහර අය කිසිම දනක් පින් කමක් නොකර තනියම නිතර බාවනා කරමින් ඉන්නවා. නමුත් ඒ අයට මාර්ග පලයක් ලබා ගැනීමට පුලුවන් බවයි මට තේරුනේ. මම තේරුම් අරන් තියෙන්නේ වැරදි විදියටද?

පින සහ කුසලය යනු දෙකකි. එකම ක්‍රියාවන චේතනාව අනුව පින් විය හැකිය, කුශලයද විය හැකිය. පින යනු එකී ක්‍රියාව අනාගත සැප සම්පත් අපේක්ෂාවෙන්ම කිරීමයි. කුසලය යනු ඒකී ක්‍රියාව ලෝභය, දෝෂය සහ මෝහය අඩු කරගැනීමේ අදහසින් පමණක්ම කිරීමයි. සත්‍ය වශයෙන්ම, යහපත් ක්‍රියාවක් කුශලය යන රාමුව තුළ සිදු කළවිට, පින ඉබේටම නිර්මාණය වේ. මම හිතන්නේ ඔබ අහන්නේ පින් පමණක් කරමින් (කුසල් 10 ඊට වඩා ගැඹුරු පරාසයක සෝවාන් මාර්ගයට අදාළ භාවනාවට හේතු කාරක වේ) සෝවාන් මාර්ගයට පිවිසිය හැකිද යන්නයි. කොහෙත්ම නැහැ. දානාදී පින් පමණක් කරමින් සෝවාන් මාර්ගයට අදාළ භාවනාවට සිත දියුණු නොකර කල් යැවීම, සැප ලැබීමට සංසාරය දික් කර ගැනීමක් පමණි. එය ඉතා භයානකය. ඒ මන්ද යත්, ඊළඟ ජීවිතයේදී, අහම්බෙන් හෝ, අපායකටය ගිය හොත් ( මරණාසන්න මොහොතේ වන දෝෂයක් නිසා) නැවත සෝවාන් මග කියන වචනයක්වත් අසන්නට නොලැබ සංසාරයේ අතරමන් වීම පුදුමයක් නොවන නිසායි. එම නිසා, දානාදී යහපත් කටයුතු කුසල චේතනාවෙන් පමණක් සිදු කරමින්, අනිවාර්යයෙන්ම, සෝවාන් මගට කටයුතු සළසන භාවනා කටයුත්තට යොමු විය යුතුය. එහි පළමුවටම කළ යුතු වන්නේ, මා පසුගිය පොසොන් වැඩ සටහනේදී මතක් කරදුන්, 20 ආකාරයේ සක්

යෝනිසෝ මනසිකාරය සෝවාන් මාර්ගයට මග සලසන ආකාරය (සබ්බාසව සූත්‍රයේ ආශ්‍රව නිවාරක පළමු/දෙවන ක්‍රම)

ආර්ය පර්යේෂණය Episode 09 | අඳුරෙන් එළියට? එළියෙන් අඳුරට? අඳුරෙන් අඳුරට? එළියෙන් එළියට?

පරිවර්තනය https://suttacentral.net/sn3.21/si/zoysa YouTube link for Live Streaming :  https://www.youtube.com/watch?v=GzuACdJi34M&feature=youtu.be (ZOOM  ඇප් එකෙන් සම්බන්ධ නොවී, යූටූබ් හරහා ඔන්ලයින් නැරඹීමට පමණක් අවශ්‍ය ඔබගේ යහලුවන්ට මේ ලින්ක් එක යැවිය හැකිය)  පුග්‌ගලසුත්‌තං සාවත්‌ථිනිදානං  . අථ ඛො රාජා පසෙනදි කොසලො යෙන භගවා තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා එකමන්‌තං නිසීදි. එකමන්‌තං නිසින්‌නං ඛො රාජානං පසෙනදිං කොසලං භගවා එතදවොච – ‘‘චත්‌තාරොමෙ, මහාරාජ, පුග්‌ගලා සන්‌තො සංවිජ්‌ජමානා ලොකස්‌මිං. කතමෙ චත්‌තාරො? තමොතමපරායනො, තමොජොතිපරායනො, ජොතිතමපරායනො, ජොතිජොතිපරායනො’’. ‘‘කථඤ්‌ච, මහාරාජ පුග්‌ගලො තමොතමපරායනො හොති? ඉධ, මහාරාජ, එකච්‌චො පුග්‌ගලො නීචෙ කුලෙ පච්‌චාජාතො හොති, චණ්‌ඩාලකුලෙ වා වෙනකුලෙ  වා නෙසාදකුලෙ වා රථකාරකුලෙ වා පුක්‌කුසකුලෙ වා දලිද්‌දෙ අප්‌පන්‌නපානභොජනෙ කසිරවුත්‌තිකෙ,යත්‌ථ කසිරෙන ඝාසච්‌ඡාදො ලබ්‌භති. සො ච හොති දුබ්‌බණ්‌ණො දුද්‌දසිකො ඔකොටිමකො බව්‌හාබාධො කාණො වා කුණී වා ඛඤ්‌ජො වා පක්‌ඛහතො වා, න ලාභී අන්‌නස්‌ස පානස්‌ස වත්‌ථස්‌ස යානස්‌ස මාලාගන්‌ධවිලෙපනස්‌ස සෙය

පටිඝ සම්ඵස්සය (contact with resistance) සහ අධිවචන සම්ඵස්සය (contact with concept) විස්තර කර දෙන්න

වරක් බුදුරජාණන්වහන්සේට රූපයේ සහ නාමයේ ස්වාධීන බව අසත්‍ය යැයි පෙන්වන්නට සිදු වුණි. ඒ සඳහා උන්වහන්සේ ප්‍රකාශ කෙළේ නාමයේ පවතින පටිඝ සම්ඵස්ස බවත් (contact with resistance)  සහ  රූපයේ   පවතින  අධිවචන සම්ඵස්ස  බවත්  (contact with concept) මේ සඳහා ඇති පැහැදිලි පිළිතුර බවයි. නාම කායේ පටිඝ සම්ඵස්ස (contact with resistance) රූප කායේ අධිවචන සම්ඵස්ස (contact with concept).  මේ පිළිබඳව පැහැදිලිව විස්තරයක් දැක ගත හැක්කේ දීඝ නිකායේ 15 වැනි මහා නිදාන සූත්‍රයේදීය. ඒ අනුව, අපි ඇතා ලොකු සතෙකි සහ කූඹියා ඉතා කුඩා සතෙකු ලෙස හඳුනා ගන්නේ නාම කාය තුළ පවතින පටිඝ සම්ඵස්ස බව නිසායි.  මෙහි පටිඝ යනු ඉන්ද්‍රියයන් නිසා යම් කිසි අරමුණක සිදුවන ප්‍රතිරෝධයයි (resistence). නැතහොත්  ගැටීමයි.  එම ප්‍රතිරෝධයෙන් (ගැටීමෙන්) ස්පර්ෂය හට ගනියි.  මෙහි ගැටීම යනු තරහ නොව, ඉඳුරන් අරමුණක ගැටීමෙන් සිදුවන ස්වභාවයයි.  එසේ  නමුත්, මෙම නාම කායේ පටිඝ සම්ඵස්ස බව අපට තේරෙන්නේ අපි හඳුනා ගන්නට යන වස්තුවකට, දෙයට රූප කායක් තිබුණොත් පමණි.   ඇතෙකු හෝ කුඹියෙකු දකින විටදීම ලොකු හෝ කුඩා යැයි තේරෙන්නේ ඇතා ලොකු නිසාවත්, කූඹියා කුඩා නිසාවත් නොව, අප පූර්ව

ආර්ය පර්යේෂණය Episode 08 | උපයන ධනය දහමට අනුව අනින්දිතව පරිභෝග කරන්නේ කෙසේද?