බුදුරජාණන්වහන්සේ අප්‍රමාදය අනෙකුත් කුසල ධර්මයන්ට කරන බලපෑම උදාහරණයකින් පෙන්වනවා. "සෙය්යථාපි" කියන්නේ වගේ කියන එකයි. "මහාරාජ" - මහරජතුමනි, "සෙය්යථාපි" - හරියට මෙන්න මේ වගේ. "යානි කානිචි ජඞගලානං පාණානං පදජාතානි" - "ජඞගලානං" කියන්නේ ඇවිදින; "පාණානි" කියන්නේ සතුන් "යානි කානිචි" - යම්කිසි ඇවිදින සතුන් ප්‍රමාණයක් මේ ලෝකයේ ඉන්නවා නම්; එතකොට සත්තු කිව්වාම මනුෂ්‍යනුත් ඇවිදින සතුන් ගණයටනේ වැටෙන්නේ. "සබ්බානි තානි හත්ථිපදෙ සමොධානං ගච්චන්ති". ඒකෙන් කියන්නේ "සබ්බානි තානි” - සියළු අයගේ; අපිට මෙතන අර්ථය ගන්න වෙනවා foot prints කියලා; - ඒ සියළුම ඇවිදින සතුන්ගේ, ඒ කියන්නේ මනුෂ්‍යයෝ, සතුන්ගේ පාදයන් නැත්තම් පතුල් "හත්ථිපදෙ සමොධානං ගච්ඡන්ති" - ඇතාගේ foot print එක ඇතුලේ තියන්න පුළුවන්ලු. ඇතාගේ පාදයේ ප්‍රමාණයට වඩා විශාල නැහැලු. හස්ති පාදය තමයි විශාලම පාදය. "හත්ථිපදං තෙසං අග්ගමක්ඛායති" - ඇවිදින හැම සත්වයෙකුගේම පතුලට වඩා ඇතාගේ පතුල විශාලයි. ඒකෙන් කියන්නේ අනිත් සත්වයන්ගේ පාදයන් ඒ හස්ති පාදය ඇතුලට තියන්න පුළුවන්. "යදිදං මහන්තත්තෙන" - ඒ විශාලත්වය නිසා.
"එවමෙ ඛො මහාරාජ" - අන්න ඒ නිසා මහරජතුමනි, "අප්පමාදො එකො ධම්මො" - මෙන්න මේ අප්‍රමාදය කියන එකම ධර්මතාවය; "යො උභො අත්ථෙ සමධිග්ගය්හ තිට්ඨති දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං සම්පරායිකඤ්චා"ති. ඒ වගේම මහරජතුමනි මේ සියළු කුසල ධර්මයන් - සීල, සමාධි, ප්‍රඥා, භාවනා, හැම දේම, අභිධර්මයේ නම් 52ක් තිබෙනවා චෛතසික නේද? අපි ධර්මයේ කතා කරන කුසල් වශයෙන් තිබෙන හැම ධර්මතාවයක්ම මේ අප්‍රමාදය කියන කුසලය ඇතුලට දාන්න පුළුවන්. අප්‍රමාදය තමයි විශාලම ධර්මතාවය. අනෙකුත් සියළු ධර්මතාවයන් ක්‍රියාත්මක වෙන්නේ අප්‍රමාදය නිසා. දැන් ඔබට තේරෙනවා ඇති අප්‍රමාදය කොපමණ වශයෙන් බලපානවද කියා.
Comments
Post a Comment