Skip to main content

සෑබෑ සතුට ඇත්තේ කොහේද?

Real Happiness by Ven Dr Gangodawila Chandidma

බොහෝ අය සතුට සොයති. ඔවුන්ට බොහෝ විට සිතෙන්නේ සතුට ඇත්තේ බාහිර දේවල්වල කියායි. නිදසුනක් ලෙස තරුණ කාලයේ කෙනෙකුට සිතෙන්නේ මුදල් සහ කම් සැපත ලබා ගත හැකි උපරිම සැප ලෙසයි. එකී සැප සිතූ ආකාරයෙන් ලබා ගැනීමට ඇති වෙන අපහසුතාවය ඔවුන්ව තවත් ඒ සඳහා උනන්දු කරවති. මැදි වයසට පැමිණි පසු ලෙඩවලින් ගැලවීමට දරණ උත්සාහයන් දෙස දකින විට, අපිට සිතෙන්නේ, සැබෑ  සතුට සත්‍යවශයෙන්ම තිබී ඇත්තේ තරුණ කාලයේ සොයන්නට බෙහෙවින් උත්සාහ කළ මුදල් හෝ කාමයන් තුළ නොවන බවයි. ඒ මන්ද යත්, සෞඛ්‍ය සැපත ඒ සෑම එකක්ම අබිබවා වැදගත් වන නිසායි. මෙහි ඇති වැදගත්ම කාරණාව නම්, තරුණ කාලයේ සෞඛ්‍ය සම්පන්නව, මුදලට තද ලෙස ආශාවෙන් මූර්ඡා නොවී, ජීවත් වන්න අවශ්‍ය වන පමණට පමණක් ආර්ථිකය සොයා ගත්තා නම්, ජීවිතයේ සන්ධ්‍යා සමයට එය ඉතා පහසුවක් වනවා නිසැකය. අපගේ ප්‍රධාන අදහස නම් ජීවිතයේ සෑබෑ සතුට ඇත්තේ නිරෝගී බව තුළමය යන්නයි. එම නිසා නිරෝගිමත් ජීවිතය අපගේ සැබෑ සතුට වන බව දැන ඊට ගැළපෙන ආකාරයේ ජීවිතයක් තරුණ කාලයේ සිටම නිර්මාණය කර ගනිමු. 

Comments