Skip to main content

දෙවියන්ට පින් දෙන ගාථාවේ සිටින නාගයන්, රතන සූත්‍රයේ "ආනන්තරික සමාධිය" සහ සත්ත සද්ධම්ම ගෝචරා යනාදිය පැහැදිලි කරන්න



ස්වාමින් වහන්ස මට ඉතා සුළු දහම් ගැටළු කීපයක් තියෙනවා. ඒවා සිංහලෙන් ලියා එවන්න හිතුවා.
ඔබවහන්සේගෙන් කාරුණික පිළිතුරු වලට මුලින්ම පින් දෙනවා.
1. දෙවියන්ට පින් දීමේදී "දේවා නාගාමහිද්දිකා " කියනවිට "නාගාමහිද්ධිකා" කියන්නේ කාටද ? නාගයන් හා ග්‍රාමයන්හී වසන කියන එකද?
2. රහතුන්ගේ ගුණ කියවෙන ගාථාවක් ලැබුනා " සුඛිනෝ වත අරහන්තෝ ..." යනුවෙන් දැක්වෙන.එහි "සත්ත සද්ධම්ම ගොචරා " කියන්නේ සප්ත ආර්ය ධනයම අරමුණු කොට ගත් කියන එකයි. සප්ත ආර්ය ධනය පැහැදිලි කරලා දෙනවද?
3. රතන සූත්‍රයේ "සමධිමානන්තරිකන්ඥමාහු" යනුවෙන් දැක්වෙන "ආනන්තරික සමාධිය" යනු කුමන සමාධියද?
දැනට මෙපමණයි. ඔබවහන්සේට පින්.
පිළිතුරු (ආචාර්ය ගංගොඩවිල චන්දිම ස්වාමීන්වහන්සේ විසින්)
1. මෙහි මහිද්ධිකා කියන්නේ " මහා ඍද්ධි ඇති" යන තේරුමයි. එම නිසා තේරුම ගත යුත්තේ මහා ඍද්ධි ඇති නාගයන් යනුවෙනි. මෙහි නාග යනු සර්පයන් නොවේ. විරූපාක්ෂ නම් දෙවියා සහ ඔහුගේ සපරිවාර දෙවිවරුන්ය.

2. සත්ත සද්ධම්ම ගෝචරා යනු සප්ත ආර්ය ධනය නොවේ.
සත්ත සද්ධම්ම ගෝචරා යනු ආර්ය ශ්‍රාවකයෙකු තුළ පවත්වා ගත යුතු ගුණාංග 7 යි. එනම් 1. සද්ධා (ශ්‍රද්ධාව) 2. හිරිමා (පවට ලජ්ජාව) 3. ඔත්තප්පී (පවට භය) 4 බහුස්සුතා (බහූශ්‍රැත බව)5. ආරද්ධවිරියා (පටන් ගත් වීර්ය ඇති බව) 6. සතිමා (සිහිය ඇති බව) 7. පඥ්ඥවා (ප්‍රඥාවන්ත බව)
3. ආනන්තරික සමාධිය යනු සතර ආර්ය මාර්ගයන්ගෙන් කුමන හෝ මාර්ගයකට මනාව පැමිණි පසු පවතින සමාධියයි. මෙම සමාධිය ලැබුණු විගස, අදාල මාර්ගයේ ඵලය පහල වීම ඉක්මන් වේ. මෙහි ආනන්තරික යන පදයේ තේරුම "වහා ප්‍රතිඵලදායක" (immediate effect) යන්නයි.
පින්වත් ඔබගේත් ධර්ම ප්‍රශ්න ස්වාමීන්වහන්සේ වෙත යොමු කරන්න.
Email: chandima.gangodawila@gmail.com

Comments