Skip to main content

ධාතු (අදහස්) වශයෙන් හීන සහ කළ්‍යාණ පුද්ගලයන් එකතු වන හැටි




මේ සූත්‍රයේ නම හීනාධිමුත්තික සූත්‍රය. කලින් පෙන්නුම් කළ පරිදි මෙය සිදු වුණේ සැවැත් නුවර. එහිදී බුදුරජාණන්වහන්සේ පෙන්නුම් කරනවා ධාතුසො’ව - ධාතු නිසා තමයි මහණෙනි සත්වයන් සංසන්දනය වෙන්නෙත් එකතු වන්නෙත් කියලා. අපිට පිටින් ගත්තොත් අපිට මිනිසුන් සංසන්දනය කරන්න පුළුවන් නේ හොඳ හෝ නරක කියලා. මේ ධර්මතාවයන් අනුව කොහොමද එකතු වන්නේ. හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති: අපි අර කිව්ව අර ඉන්ද්‍රීය අරමුණු සහ විඤ්ඤාණ නරක විධියට ගන්න අයත් ඒ වගේම අයහපත් සංකල්ප වන කාම, ව්‍යාපාද, විහිංසා ගන්න අයත් මොකද කරන්නේ ඒ විධියටම ඉන්ද්‍රීය අරමුණු සහ විඤ්ඤාණ නරක විධියට ගන්න සහ ඒ වගේම සංකල්පනා නරක විධියට ගන්න අයත් සමඟ තමයි ඒ අයගේ භජනය හෝ ආශ්‍රය ඇති වෙන්නේ.  

ඊළඟට අනිත් පැත්ත. කළ්‍යාණාධිමුත්තිකෙහි සදධිං සංසන්දන්ති සමෙන්ති: ඒ කියන්නේ යහපත් අදහස් - ඉන්ද්‍රීය අරමුණු විඤ්ඤාණ යහපත් විධියට නිර්මාණය කර ගන්න අයත් ඒ වගේම යහපත් සංකල්ප හදා ගන්න අයත් එබඳු අයම තමයි ආශ්‍රය කරන්න පෙළඹෙන්නේ. බුදුරජාණන්වහන්සේ ඊළඟට පෙන්නුම් කරනවා අතීතයේදීත් මේ ලෝකයේ ඔය කතාවම තමයි. හීන ගති ඇති අය හීන ගති ඇති අය ආශ්‍රය කරන්න ගන්නවා කළ්‍යාණ අය කළ්‍යාණ අය ආශ්‍රය කරන්න ගන්නවා. ඒ වගේම අනාගතයේත් ඔය කතාවම තමයි වෙන්නේ. හීන අය හීන අය ආශ්‍රය කරන්න ගනියි කළ්‍යාණ අය කළ්‍යාණ අය ආශ්‍රය කරන්න ගනියි.


Visit Google Books to read a copy

Visit Academia to read a copy 

Comments