භෝජනයේ මාත්‍රාව දැන ගෙන අනුභව කිරීම බුදු දහමේ විශේෂ අවධාරණයක් කර තිබෙනවා.එය ආර්ය මාර්ගයට අනිවාර්ය පහසුවක් වන බවයි ධර්මයේ සඳහන් වන්නේ. දැන් බලන්න මේක හරි වැදගත්. බුදුරජාණන්වහන්සේ පෙන්වනවා මේක සීලයේ කොටසක්. ආහාරයක් ප්‍රමාණයක් නැතුව කෙනෙක් ගන්නවා නම්, ඒ පුද්ගලයා සීලය කඩා ගන්නවා. මොකද ඒක සීලයට බලපානවා. එතකොට සම්පරායික කියන්නේ දැන් ආහාරයේ ප්‍රමාණය දැන ගෙන කන කොට අනාගතයටත් ඔහු හෝ ඇය සීලය පුරනවා. මොකද ආහාරයට තිබෙන ගිජුකම එතන අඩුයි. පින්වත්නි, මේ විධියට අපට දෝණපාක සූත්‍රය තේරුම් ගන්න පුළුවන්.
අපි දන්නවා ආහාර ගැනීමයි ඊළඟට අපේ ආධ්‍යාත්මික ජීවිතයයි අතර සම්බන්ධයක් තිබෙනවා. මොකද්ද ඒ සම්බන්ධය? අපි ආහාරවලින් ජීවත් වන්නේ. එතකොට මේ ආහාරයට අපි අනවශ්‍ය ගිජු බවක් දක්වන්න ගියොත්, අපට ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැන් බලන්න අපේ ජීවිතයේ; එකිනෙකාට මේක සම්බන්ධ කර ගන්න එපා, සාමාන්‍යයෙන් අද ලෝකයේ ලොකු ප්‍රශ්නයක් තරබාරුව (obesity).අපි දන්නවා ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියලා තිබෙනවා 2030 විතර වෙනකොට මේ ලෝකයේ 70% විතර තරබාරු ප්‍රශ්නයෙන් කරදර භුක්ති විඳිනවාලු. දැන් අපට මෙතන පෙනෙනවා බුදුරජාණන්වහන්සේ මේ ඇඟ සැහැල්ලුව තියා ගන්න කියලා සෑහෙන කලකට කලින් කතා කරලා තිබෙනවා. එතකොට අපි බුදුරජාණන්වහන්සේගේ දේශනාවන් වශයෙන මොනවද ගොඩාක් වෙලාවට හොයන්නේ. බලන්නේ? එතකොට ගොඩාක් අය මේවා දන්නේ නැහැ. දන්නේ නැති හේතුව මේ විධියට හදාරන්නේ නැති නිසා. එසේත් නැතහොත් ප්‍රඥාවෙන් තොරව බුදුදහම හැදෑරීම.
ඉතිං ඒ නිසා පින්වත්නි, මම කැමතියි ආහාරය ප්‍රමාණයකට ඔබ ගන්නවා නම්. ඔබට ලොකු සැහැල්ලුවක් එනවා. ඇඟ සැහැල්ලුයි, ඊළඟට ඔබේ කෙලෙස් බර අඩු වෙනවා. සමහර අය ඉන්නවා සෑහෙන්න ඇඟත් බරයි කෙලෙසුත් බරයි. ඇඟේ බරයි කෙලෙස් බරයි දෙකම වැඩිවෙලා ඊළඟට ඇවිදින්නත් බැහැ මනසින් යමක් කර ගන්නත් බැහැ. ඒක ලොකූ ගැටළුවක් වෙනවා. ඒ නිසා හිතන්න එපා මේ බුදුරජාණන්වහන්සේ පෙන්නුම් කළේ මනස තුළ දස සංයෝජන විතරක් කියලා - එය මුඛ්‍ය කාරණාව වූවත් ඒ එක්කම මේ කෑම පරිපාලනයක් කර ගන්න එක ධර්මයේ ලොකු කාරණාවක්. ඒ නිසා ඒක වඩාත් අවධාරණයකින් ඔබගේ හිතට ගන්න.
Comments
Post a Comment