Skip to main content

මට තේරුන විදියට අකුසල් වලින් වැලකී සිටි පමණින් වත් කොපමන දන් දුන්නත් මාර්ග පලයක් ලබන්න බැරි බවයි. සමහර අය කිසිම දනක් පින් කමක් නොකර තනියම නිතර බාවනා කරමින් ඉන්නවා. නමුත් ඒ අයට මාර්ග පලයක් ලබා ගැනීමට පුලුවන් බවයි මට තේරුනේ. මම තේරුම් අරන් තියෙන්නේ වැරදි විදියටද?




පින සහ කුසලය යනු දෙකකි. එකම ක්‍රියාවන චේතනාව අනුව පින් විය හැකිය, කුශලයද විය හැකිය. පින යනු එකී ක්‍රියාව අනාගත සැප සම්පත් අපේක්ෂාවෙන්ම කිරීමයි. කුසලය යනු ඒකී ක්‍රියාව ලෝභය, දෝෂය සහ මෝහය අඩු කරගැනීමේ අදහසින් පමණක්ම කිරීමයි. සත්‍ය වශයෙන්ම, යහපත් ක්‍රියාවක් කුශලය යන රාමුව තුළ සිදු කළවිට, පින ඉබේටම නිර්මාණය වේ. මම හිතන්නේ ඔබ අහන්නේ පින් පමණක් කරමින් (කුසල් 10 ඊට වඩා ගැඹුරු පරාසයක සෝවාන් මාර්ගයට අදාළ භාවනාවට හේතු කාරක වේ) සෝවාන් මාර්ගයට පිවිසිය හැකිද යන්නයි.

කොහෙත්ම නැහැ. දානාදී පින් පමණක් කරමින් සෝවාන් මාර්ගයට අදාළ භාවනාවට සිත දියුණු නොකර කල් යැවීම, සැප ලැබීමට සංසාරය දික් කර ගැනීමක් පමණි. එය ඉතා භයානකය. ඒ මන්ද යත්, ඊළඟ ජීවිතයේදී, අහම්බෙන් හෝ, අපායකටය ගිය හොත් ( මරණාසන්න මොහොතේ වන දෝෂයක් නිසා) නැවත සෝවාන් මග කියන වචනයක්වත් අසන්නට නොලැබ සංසාරයේ අතරමන් වීම පුදුමයක් නොවන නිසායි.

එම නිසා, දානාදී යහපත් කටයුතු කුසල චේතනාවෙන් පමණක් සිදු කරමින්, අනිවාර්යයෙන්ම, සෝවාන් මගට කටයුතු සළසන භාවනා කටයුත්තට යොමු විය යුතුය. එහි පළමුවටම කළ යුතු වන්නේ, මා පසුගිය පොසොන් වැඩ සටහනේදී මතක් කරදුන්, 20 ආකාරයේ සක්කාය දිට්ඨිය බැහැර කර ගැනීමට උත්සාහ කිරීමයි. මේ පිළිබඳ පැහැදිලි විස්තරය මජ්ඣිම නිකායේ චූල වේදල්ල සූත්‍රයේ පවතී. පහත දැක්වෙන්නේ මවිසින් වසර දෙකකට කළින් මේ සූත්‍රය පිළිබඳව කළ දේශනාවකි. ඒ වාගේම පහත දැක්වෙන සූත්‍රයේ සිංහල සූත්‍ර පරිවර්තනයද කියවන්න. https://suttacentral.net/mn44/si/zoysa


Comments