පින් දහම් කලාම පවුලේ අයට නීරෝගි බව දීර්ඝායුෂ ප්‍රාර්තනා කිරීම ඉබේටම සිදු වෙනවා. නමුත් අප කල යුත්තේ නිවන් ප්‍රාර්තනා කිරීම පමනක් බවයි මට වැටහුනේ. පවුලේ අයට සෙත් ප්‍රර්තනා කලාට කමක් නැති අවස්තාවක් තියෙනවද?
කුමන හෝ යහපත් කටයුත්තක් කළ විට අපට ළංවී සිටින අයට සහ ළංවී නැති (සියලු සත්ත්වයෝ) සඳහා කායික සහ මානසික සැපතට ප්‍රාර්ථනාවක් කිරීම ධර්මයට ගැලපේ. ඒ මන්ද යත්, අපි මෙත්තා භාවනාව සිදු කරන විටදී වුවද මුළින්ම මෙත් සිත වඩන්නේ තමන්ට නිසායි. මෙත් සිත තමන්ට මුළින්ම වඩන්නේ තමාට සහ තමන්ගේ පවුලේ අයට ගොඩාක් මෙත් සිත සහ අන්‍යයනට ඊට වඩා අඩුවෙන් ලබා දීමට නොව, තමන්ට සහ තමන්ගේ අයට මුළින්ම මෙත් සිත පතුරුවූවිටදී, අන්‍යයන්ටද පැතිරවියයුතු මෙත් සිතේ තරම තමන්ට තේරුම් ගැනීම සඳහාය. (as a reference)
මෙම නිසා, තමන්ට සහ තම පවුලේ අයට මුළින්ම යහපත් ප්‍රාර්ථනාවන් කොට, සියලු ලෝ වැසි සත්ත්වයන්ට එම සමාන ප්‍රාර්ථනාවම කරන්න.
නමුත්, ඔබගේ මූලික සහ වැදගත්ම ප්‍රාර්ථනාව ඊට පසුව සිදු කළ යුතුය. එනම්, නිර්වාණය ලැබීමට පමණක් එකී සියලු යහපත් කටයුතුවල බලාපොරොත්තුව වීමයි. එම නිසා සෑම යහපත් කටයුත්තක් අවසානයේදීම, නැගිටින්නට මත්තෙන් ඔබ සැම පැතිය යුතු වන්නේ, මා මේ යහපත් කටයුත්ත කුශල ක්‍රියාවක් ලෙස පමණක් සිදු කළ බවටත්, එහී එකී අවස්ථාවේ අරමුණ සෙත් පැතීමන් වුවත්, මූලික සහ වැදගත්ම අරමුණ කෙසේ හෝ ලෝභය, දෝෂය සහ මෝහය අඩු වීමට හේතුවක් කර ගැනීම පමණක් වීමයි.
ඊළඟ කාරණාව නම්, සෙත් පැතීමට කරන පූජාවකදී, සෙත් පිරිතකදී එය කුසලයක් වශයෙන් කරගන්නේ කෙසේද යන්නයි. ඔබ එබඳු කටයුත්තක් කිරීමේදී සිතිය යුතු වන්නේ, (නිවන සාංසාරික කටයුත්තක් නිසා) මේ ජීවිතයේ මට මේ අය හමු වී කටයුතු කළත් සංසාර ගමනේදී මේ කිසිවෙකුත් මා සමග නොපැමිණෙන බවයි. මා තනියෙන්ම එම ගමනට මුහුණ දිය යුතු බවයි. සත්‍යය එය නම්, මා මෙකී සැම යහපත් කටයුත්තකදීම, යුතුකමක් වශයෙන් පවුලේ අයට ආශිර්වාද කර ගත්තත්, එම යහපත් කටයුත්ත කරන සෑම මොහොතකදීම මාගේ සසර ගමනේ බියකරු බව සහ එම නිසා සෝවාන් ඵලයට පත් වීමේ එකම අරමුණ මා තුළ නිරතුරුවම පවත්වා ගැනීමයි.
Comments
Post a Comment