Skip to main content

පටිඝ සම්ඵස්සය (contact with resistance) සහ අධිවචන සම්ඵස්සය (contact with concept) විස්තර කර දෙන්න



වරක් බුදුරජාණන්වහන්සේට රූපයේ සහ නාමයේ ස්වාධීන බව අසත්‍ය යැයි පෙන්වන්නට සිදු වුණි. ඒ සඳහා උන්වහන්සේ ප්‍රකාශ කෙළේ නාමයේ පවතින පටිඝ සම්ඵස්ස බවත් (contact with resistance)  සහ රූපයේ පවතින අධිවචන සම්ඵස්ස බවත් (contact with concept) මේ සඳහා ඇති පැහැදිලි පිළිතුර බවයි.

නාම කායේ පටිඝ සම්ඵස්ස (contact with resistance)
රූප කායේ අධිවචන සම්ඵස්ස (contact with concept). 


මේ පිළිබඳව පැහැදිලිව විස්තරයක් දැක ගත හැක්කේ දීඝ නිකායේ 15 වැනි මහා නිදාන සූත්‍රයේදීය.

ඒ අනුව, අපි ඇතා ලොකු සතෙකි සහ කූඹියා ඉතා කුඩා සතෙකු ලෙස හඳුනා ගන්නේ නාම කාය තුළ පවතින පටිඝ සම්ඵස්ස බව නිසායි. මෙහි පටිඝ යනු ඉන්ද්‍රියයන් නිසා යම් කිසි අරමුණක සිදුවන ප්‍රතිරෝධයයි (resistence). නැතහොත් ගැටීමයි. එම ප්‍රතිරෝධයෙන් (ගැටීමෙන්) ස්පර්ෂය හට ගනියි. මෙහි ගැටීම යනු තරහ නොව, ඉඳුරන් අරමුණක ගැටීමෙන් සිදුවන ස්වභාවයයි. 

එසේ  නමුත්, මෙම නාම කායේ පටිඝ සම්ඵස්ස බව අපට තේරෙන්නේ අපි හඳුනා ගන්නට යන වස්තුවකට, දෙයට රූප කායක් තිබුණොත් පමණි.  

ඇතෙකු හෝ කුඹියෙකු දකින විටදීම ලොකු හෝ කුඩා යැයි තේරෙන්නේ ඇතා ලොකු නිසාවත්, කූඹියා කුඩා නිසාවත් නොව, අප පූර්වයේදී නාම කය තුළ සාදාගෙන තිබුණු පටිඝ සම්ඵස්සය නිසා ඇතිවී තිබෙන සඤ්ඤාව හේතුවෙනි. කිසිවෙක් ඇතා ලොකුයි කූඹියා කුඩායි යනුවෙන් පවසන විටදී, අපට ඇතිවන්නේ, ඇත් හෝ කූඹි රුපය නොව, ඇතා සහ කූඹියා පිළිබඳව අප කළින් සාදා ගෙන තිබෙන ස්පර්ෂයක් පමණි. නමුත් එම ඇතෙකි, කූඹියෙකි යන සඤ්ඤාව මුලින් ඇති වුණත්, එය සම්පූර්ණකරණයක් වන්නේ, ඒ සතුන් රූපමය වශයෙන් දක්නට ලැබීමකිනි. එමනිසා, රූපකාය, මෙකී සමස්ත අදහස ගැනීමට අත්‍යවශ්‍ය වේ. එසේම නාමයට සිදුවන රූපකාය බලපෑම අධිවචන සම්ඵස්සය යැයි කියනු ලැබේ. 

එම නිසා බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ නාමය සහ රූපය කිසි විටකත් ස්වාධීනව නොපවතින බවයි. කරුණු කාරණා මෙසේ හෙයින්, රූපකායෙන් තොරව නාමකායක් ද, නාමකායෙන් තොරව රූප කායක්ද නොමැති බව මෙම විග්‍රහ දෙකින් පැහැදිලිය. එම නිසා, නාමය හෝ රූපය කිසිදු විටකදී, ස්වාධීනව ගත නොහැකිය. ඒවා අන්‍යොන්‍ය වශයෙන් සම්බන්ධ කර පමණක් දැකිය යුතුය. 

Comments

  1. Teruwan saranai!

    How can we distinguish patiga sampassa (contact with resistance) and passa (contact or touch)?

    ReplyDelete
  2. මේ දෙක 2 ක් වශයෙන් නොදැකිය යුතුය. නමුත්, එය වෙනස් කාරණා දෙකක් (නාමය සහ රූපය) වශයෙන් අදහසක් ඇති කර ගත හැකිය. නිදසුනක් වශයෙන්, කාර් එකක් ගත හොත්, කාර් එක යැයි කියූ විටම අපට බාහිර කාර් රථය පෙනෙන්නට කළින්, ඒ සම්බන්ධව ඇති, කාරය යන නාම කොටස ඇති වේ. මෙම නාම කොටස තුළ ඇත්තේ සඤ්ඤාවයි. කාරය යන බාහිර රූප කොටස අපට ඇත්තටම පෙනෙන්නේ ඊට පසුවය. මෙය තත්පරයකිනුත් බොහෝම අඩු වෙලාවකදී සිදුවන ක්‍රියාදාමයකි.

    ReplyDelete

Post a Comment