ආර්ය පර්යේෂණය
අන්තර්ජාල ධර්ම සම්භාෂණය
ZOOM සිංහල සූත්ර සාකච්ඡාව
ආචාර්ය ගංගොඩවිල චන්දිම ස්වාමින්වහන්සේ විසින් සෑම බ්රහස්පතින්දා දිනයකදීම ඔටවා වේලාවෙන් සවස 4 සිට 5 දක්වා ආර්ය පර්යේෂණය සූත්ර සාකච්ඡාව පවත්වනු ලැබේ.
April 09, 2020
බොරු කීම, බොරු කිරීම, කාමයට සීමා නැති වීම සහ විසඳුම
(අත්ථකරණ සූත්රය, සංයුත්ත නිකාය 3.7)
April 16, 2020
තමා තමන්ට වැඩිපුර ආදරේ ඇයි?
(මල්ලිකා සූත්රය, සංයුත්ත නිකාය 3.16)
April 23, 2020
ලොකුම බැඳීම යකඩ, කඹවලින් බැඳීමද? භෞතික වස්තුවලට, පවුලට, දරුවන්ට බැඳීමද?
(බන්ධන සූත්රය, සංයුත්ත නිකාය 3.10)
May 07, 2020
රතන සූත්රයේ සැබෑ තේරුම සෝවාන් මාර්ගයට මග කියා දීමද?
(රතන සූත්රය, ඛුද්දක පාඨ 7)
May 14, 2020
අප්රමාදය සියලු කුසලයන්ගේ කාර්යසාධකයා වන්නේ කෙසේද?
(අප්පමාද සූත්රය, සංයුත්ත නිකාය 3.17)
May 21, 2020
ආර්ය මාර්ගය මනාව දියුණු කර ගැනීමට කල්යාණ මිත්ර ආශ්රය කොපමණ වැදගත්ද?
(කල්යාණමිත්තතා සූත්රය, සංයුත්ත නිකාය 3.18)
May 28, 2020
උපයන ධනය දහමට අනුව අනින්දිතව පරිභෝග කරන්නේ කෙසේද?
(පඨම අපුත්තක සූත්රය, සංයුත්ත නිකාය 3.19)
June 04, 2020
අඳුරෙන් අඳුරට? අඳුරෙන් එළියට? එළියෙන් අඳුරට? එළියෙන් එළියට?
(පුග්ගල සූත්රය, සංයුත්ත නිකාය 3.21)
June 11, 2020
මානය, මානයේ අරමුණු සහ මාන ධර්ම බැහැර කිරීම
(පේසල අතිමඤ්ඤනා සූත්රය, සංයුත්ත නිකාය 8.3)
June 18, 2020
ලෝකයට අහිත පිණිස, දුක් පිණිස සහ අපහසු පිණිස පවතින කාරණා 3
(ලෝක සූත්රය, සංයුත්ත නිකාය 3.23)
June 25, 2020
ලාභ සත්කාර, ස්තුති ප්රශංසා ආර්ය මාර්ගයට කරන හානිය
(දාරුණ සූත්රය, සංයුත්ත නිකාය 17.1)
July 02, 2020
භාවනාමය ප්රඥාව මගින් සය වැදෑරුම් ඉන්ද්රීයයන් දෙස බලන ආකාරය
(චක්ඛු සූත්රය, සංයුත්ත නිකාය 18.1)
July 09, 2020
පටිච්චසමුප්පාදයෙන් විස්තර කරන්නේ දුකද? දුක් ගොඩද?
(පටිච්ච සමුප්පාද සූත්රය, සංයුත්ත නිකාය 12.1)
July 16, 2020
හීන (අයහපත්) අදහස් ඇත්තෝ හීන අදහස් ඇති අය සමගද, කල්යාණ(යහපත්)අදහස් ඇත්තෝ කල්යාණ අදහස් ඇති අය සමගද එක් වෙති, සමගි වෙති.(හීනාධිමුත්තික සූත්රය, සංයුත්ත නිකාය 14.14)
July 23, 2020
සියළු සංස්කාරයන් පිළිබඳ කලකිරිය යුතු වන්නේ ඇයි?
(තිණකට්ඨ සූත්රය, සංයුත්ත නිකාය 15.1)
July 30, 2020
ඔබට මනුෂ්යලෝකයේ උපත ලැබීම මනාව නොතේරෙන්නේ ඇයි?
(නඛසිඛ සූත්රය, සංයුත්ත නිකාය 20.2)
August 06, 2020
අවිජ්ජාවෙන් මිච්ඡා දිට්ඨියත්, විද්යාවෙන් සම්මා දිට්ඨියත් හේතුවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැවැත්ම
(අවිජ්ජා සූත්රය, සංයුත්ත නිකාය 45.1)
August 13, 2020
මෙම ආත්මභාවය තමා විසින් හෝ අනුන් විසින් කරන ලද්දක්ද? නැතහොත් හේතු ප්රත්යයන්ගෙන් උපත ලබා, හේතුප්රත්ය නිරුද්ධ වීමෙන් නිරුද්ධ වේද?
(සේල සූත්රය, සංයුත්ත නිකාය 5.9)
August 20, 2020
පංච නීවරණ සහ සත්තබොජ්ඣංගයන් ආහාරයෙන් තොරව නොපවතී. එම ආහාර මොනවාද?
(ආහාරට්ඨිතිකාය සූත්රය, සංයුත්ත නිකාය 46.2)
August 27, 2020
ධර්මවිනයෙන් චුත වීමට බලපාන හේතු සතර
(පපතිත සූත්රය, අංගුත්තර නිකාය 4.2)
September 03, 2020
ධර්මයේ සැබෑ අරමුණ නොදැන අඩු වශයෙන් හෝ වැඩි වශයෙන් ධර්මය හැදෑරීම
(අප්පස්සුත සූත්රය, සංයුත්ත නිකාය 4.6)
September 10, 2020
කථාව තිබේ-වැඩ නැත, වැඩ ඇත-කථාව නැත, කථාවත් නැත-වැඩත් නැත, කථාවත් තිබේ, වැඩත් තිබේ
(පඨමවලාහක සූත්රය, සංයුත්ත නිකාය 4.101)
September 17, 2020
ගැඹුරු පෙනුමක් සහ නොගැඹුරු පෙනුමක් ඇති පුද්ගලයන් සතර දෙනා කවරහුද?
(උදකරහද සූත්රය, සංයුත්ත නිකාය 4.104)
September 24, 2020
කේන්තියේ ප්රමාණය සහ පවතින වේලාව අනුව ඔබ කුමන සර්පයෙක්ද?
(ආසිවිස සූත්රය, අංගුත්තර නිකාය 4.110)
October 01, 2020
අවවාදය, අනුශාසනාව පිළිනොගන්නාවූ අයට තථාගතයන්වහන්සේ විසින් මරණය ලබාදෙනු ලැබේ
(කේසී සූත්රය, අංගුත්තර නිකාය 4.111)
October 08, 2020
ආර්ය ධර්මයේ පිළිපැදීම් සතර: දුක්වූ ප්රතිපදාව-ප්රමාදවූ අභිඤ්ඤාව, දුක්වූ ප්රතිපදාව-වහා ලැබෙන අභිඤ්ඤාව, සුඛ ප්රතිපදාව-ප්රමාදවූ අභිඤ්ඤාව, සැපවූ ප්රතිපදාව-වහා ලැබෙන අභිඤ්ඤාව
(සංඛිත්ත පටිපදාසූත්රය, සංයුත්ත නිකාය 4.161)
October 15, 2020
ඇපකාරයෙකු නැති කාරණා සතර
(පටිභෝගරහිත සූත්රය, සංයුත්ත නිකාය 4.182)
October 22, 2020
පටිච්චසමුප්පන්නව නිර්මාණය වී ඇති දුක්ගොඩින් මිදීමට ඇති හරි පිළිවෙත සහ වැරදි පිළිවෙත කුමක්ද?
(පටිපදා සූත්රය, සංයුත්ත නිකාය 12.3)
October 29, 2020
තණ්හාව මූලික කර ගෙන පටිච්චසමුප්පන්නව අප සන්තානයේ නිර්මාණය වී ඇති ආහාර වර්ග සතර
(ආහාර සූත්රය, සංයුත්ත නිකාය 12.11)
අපගේ දැනුම් දීමට අනුව ZOOM අවකාශයේ register වී ආර්ය පර්යේෂණය (අන්තර්ජාල ධර්ම සම්භාෂණය) සතිපතා සුත්ර සාකච්ඡාවට සම්බන්ධවී, අඛණ්ඩව කුශලධර්මපූරණය කරන ඔබ වෙත නැවත වතාවක් අපගේ ආචාරමාලාව මතක් කර දීමට කාරුණික වෙමු.1. සම්පූර්ණ සූත්ර සාකච්ඡාව Video Recording කෙරේ. පටිගත කිරීමෙන් අනතුරුව, අපගේ ස්වාමීන්වහන්සේගේ පටිසෝත යූටූබ් චැනලයට සහ ෆේස්බුක් පිටුවට ඒවා යාවත්කාලීන කරනු ඇත. එසේම, සම්පූර්ණ වැඩසටහන Video Record කරන නිසා, ඔබ ඒ සඳහා අකමැති නම්, වීඩියෝව දාන්නේ නැතිව, ඕඩියෝ call එකක් වශයෙන් පමණක් සම්බන්ධ වන්න.ඔබ වීඩියෝව දාන්නේ නම්, කරුණාකර සුදුසු පරිදි අසුන් ගෙන, පිළිවෙලකට බාහිර පරිසරය (ඔබට පිටිපසින් පෙනෙන) සාදා ගෙන එසේ කරන්න. සන්සුන් පරිසරයක් මේ සඳහා වඩාත් ගැලපේ. වීඩියෝවට වඩාත් ගැලපෙන්නේ ලැප්ටොප් හෝ පරිගණකයක් හරහා සම්බන්ධ වීමය. ඒ එම උපකරණය ඔබ ඉදිරියේ මනාව සහ පිළිවෙළකට රඳවා තැබිය හැකි නිසාය. එවිට ඉතා ගැලපෙන පරිසරයක් සහිතව ඔබට මේ කටයුත්ත කර ගෙන යා හැක. ඔබට එසේ කිරීමට අපහසු නම්, කරුණාකර Audioවලින් පමණක් සම්බන්ධ වන්න.2. කරුණාකර ස්වාමීන්වහන්සේ විසින් ඔබ වෙත යොමු කරන ලද සූත්ර පිටපත වරක් හෝ කියවා පැමිණෙන්න. එසේම, ඔබ නොදන්නා කරුණු සාකච්ඡා වෙන විට, ඒවා සටහන් කර ගැනීමට Notebook එකක් සහ පෑනක් ලඟ තබා ගන්න.විශේෂයෙන්ම ඉතා වැදගත් ධර්ම කාරණා ඉස්මතුවන පාලි පදයන් පිළිබඳව වඩාත් අවධානයක් යොමු කරන්න. මේ සූත්ර සාකච්ඡාව සමග ඔබගේ පාලි දැනුමත් වර්ධනය වනු දැකිම අපගේ පැතුමයි.3. සූත්ර සාකච්ඡාව අවසානයේ ඔබට යම්කිසි ප්රශ්නයක් තිබේ නම්, එය යොමු කිරීමට මත්තෙන්, ZOOMහි REACTION එක ඔබන්න. එමගින්, ස්වාමීන්වහන්සේ ඔබට ප්රශ්නය ඇසීමට ඉඩ ලබා දෙනු ඇත. මේ පිළිබඳව උන්වහන්සේ විසින් ඔබව දැනුවත්කරනු ඇත.4. මෙම සාකච්ඡාව එකිනෙකාගේ ධර්ම දැනුම පරීක්ෂා කිරීමක් නොව, ස්වාමීන්වහන්සේගෙන් ඔබ නොදන්නා දෙයක් දැන ගැනීමක් සහ දන්නා දෙයක වැඩිදුර ප්රඥාවක් ඇති කරගැනීමට සිදුකරන උත්සාහයක් බව සලකන්න. එම නිසා සැම විටකදීම ප්රශ්න ඇසීමේදී, සූත්ර සාකච්ඡාවට සම්බන්ධ වන සැම දෙනාටම වැදගත් යැයි සිතන, සූත්රයට අදාල, දහම් ගැටළු පමණක් ඇසීමට කටයුතු කරන්න. සාකච්ඡාවට සම්බන්ධ වන සැම දෙනාගේම ගෞරවය, ආචාරශීලීබව තබා ගැනීමට, පවත්වා ගැනීමට පහසු වන අයුරින් සැම විටම කටයුතු කරන්න.5. සවස 5 වැඩසටහන නිම වේ. වෙනත් ප්රශ්න ඇතොත්, ස්වාමීන්වහන්සේට ඊමේල් කොට (chandima.gangodawila@gmail.com) හෝ, දුරකථන ඇමතුමක් (613-424-4482) ගෙන අසා දැන ගන්න.
Comments
Post a Comment