පරතෝඝෝෂක ප්‍රත්‍යය ලැබීමට ධර්ම දේශකයන්වහන්සේ කෙනෙකු අභිමුඛව හිඳ ධර්මය ඇසීම, සාකච්ඡා කිරීම කළ යුතුද? Audio/Video වලින් ධර්මය ඇසූ විට මේ ප්‍රත්‍යය අපට ලැබේද?
පරතෝඝෝෂය යනු අන්‍යයන්ගේ හඬින් ධර්මය ඉගෙන ගැනුමයි. සැකෙවින් කියතොත් අනුන්ගෙන් ධර්මය ඉගෙන ගැනුමයි. මෙහි අනුන් යන්න නිරාකරණය කර ගත යුතුයි. (සීල, සමාධි සහ ප්‍රඥා වඩන ආර්ය ශ්‍රාවකයෙක්)
වර්තමානයේ හඬ සඳහා පවතින කවර මාධ්යයක්වුවද (Audio/Video) එයට බාධාවක් යැයි කිව නොහැකිය. ඒ මන්ද, ඒ සෑම මාධ්‍යයකින්ම ධර්මය ඇසිය හැකිය. Audio/Video නැති කාලයේ වුවද, බුදුරජාණන්වහසේ මනෝමය කයින් ධර්මය දේශනා කළ අවස්ථාද මේ සඳහා නිදසුනක් ලෙස ගත හැකිය. එම නිසා ධර්ම දේශකයන්වහන්සේ නමක් සමීපයේ කායිකව සිටීම පරතෝඝෝෂයට අත්‍යවශ්‍ය නොවේ. එනමුත්, සමහර විට එසේ සමීපයේ සිටීම, එකිනෙකාගේ පෞද්ගලික රුචිය සහ ධර්මාභිසමය විය හැකි ආකාරවල විවිධත්වය නිසා යහපත් ප්‍රතිඵල පෙන්විය හැකිය.
මගේ පෞද්ගලික විශ්වාසය නම් (සූත්‍ර සාකච්ඡාවේත් පැවසූවා සේ) ධර්මය ශ්‍රවණය (listening), දර්ශණයට (watching) වඩා ප්‍රතිඵල දායක විය හැකිය. (සුස්සූසා ලභතේ පඥ්ඥා) ප්‍රඥාව ලැබෙන්නේ මනා ධර්ම ශ්‍රවණයෙන් මිස, ධර්ම දර්ශනයෙන් නොවේ.
Comments
Post a Comment