සක්කාය දිට්ඨිය අත හැරීම යනු මම, මට සහ මාගේ යන ව්‍යවහාර තුළ උපාදානයකට නොයෑම පමණයි. සක්කාය දිට්ඨිය අත හැරුණත්, කාමරාගය සහ රූප/ඇරූප රාග චිත්ත සන්තානයේ පවතී. සෝවාන් පමණක් නොව, සකදාගාමී වූ අයත් යුතු අයුතුකම් දැන ගෙන විවාහ ජීවිත ගත කළා. (විශාඛා සහ ඉසිදත්ත කථාවන් බලන්න)
මෙතන ඇලෙනවා කියන්නේ උපාදාන කිරීම මිස, සාමාන්‍ය කැමැත්තට නොවේ. සාමාන්‍ය කැමැත්තක් උපාදාන කිර්‍රම තමයි සක්කාය දිට්ඨිය වන්නේ. උපාදාන කිරීමකින් තොරව කෙනෙකුට හෝ දෙයකට ඇලීම වරදක් කියා කියන්න බෑ. උදාහරණයක් වශයෙන්-රහතන්වහන්සේලා ආරණ්‍යයේ ඇලෙන්නේ කාම ගවේෂණයෙන් තොරවය (passion-free delight). (වීතරාගා රමෙස්සන්ති- න තේ කාම ගවේසිනෝ)
එම නිසා සම්මුතියක් වශයෙන්, සීමා දැන ගෙන (උපාදාන විරහිතව) පස්කම් සැපත විඳීමත්, පරමාර්ථ වශයෙන් එය කාම ගවේශණයක් නොකර ගැනීමත් අප හැමදෙනාගේම පෞද්ගලික පුරුද්ද බවට පත් කර ගැනීම ප්‍රඥාගෝචර වේ. එම කාර්‍යයට සිහිය (සති) සහ නුවණ (සම්පජඤ්ඤය) වගේම චතුර්විධ යහපත් උත්සාහයන් සතරත් අවශ්‍යය. මෙම 3 එකතුව යෝනිසෝ මනසිකාරයයි.
Comments
Post a Comment