අපේ හාමුදුරුවනේ, මහා මංගල සුත්‍රයේ " අසේවනාච බාලානං පණ්ඩිතා නන්ච සේවනා " යන ගාථා ධර්මයේ බාලයන් ඇසුරු නොකිරීමත්, පණ්ඩිතයන් ඇසුරු කිරීමත් යන කාරණාව සැලකීමේදී, යම්කිසි බාලයෙකුට පණ්ඩිතයෙක් ඇසුරු කිරීමට අවශ්‍ය වුනොත්, ඒ පණ්ඩිතයා බාලයාව මගහරිනවා නේද? එවිට බාලයාට පණ්ඩිතයා ඇසුරු කිරීමේ අවස්ථාව මගහැරී යනවනේද?
බාලයා - සිත, කය, වචනයෙන් සැමවිටම අයහපතක් කරන ලද, කර ගත්තාවූ, කරමින් ඉන්නාවූ කෙනා [සෙවිතබ්බා සේවිතබ්බ සූත්‍රය, මජ්ඣිම නිකාය]
පණ්ඩිතයා - සිත, කය, වචනයෙන් සැමවිටම යහපතක් කරන ලද, කර ගත්තාවූ, කරමින් ඉන්නාවූ කෙනා [සෙවිතබ්බා සේවිතබ්බ සූත්‍රය, මජ්ඣිම නිකාය]
බාලයෙකු පණ්ඩිතයෙකු වීමට කළ යුතු ප්‍රථම දේ නම්, තමා බාලයෙකු බව තමන්ව පිළි ගැනීමයි. (යෝ බාලෝ මඤ්ඤතී බාල්‍යං-පණ්ඩිතෝ වා පි තෙන සෝ)
(ධම්මපද, බාල වග්ග 4 ගාථාව)
ඒ වාගේම පණ්ඩිතයෙකුට ඇසුරු කිරීමට පණ්ඩිතයෙකු නැත්නම්, තනියෙන් හුදකලාව වාසය කිරීම උතුම්බව බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කොට ඇත. (ඛග්ගවිසාණ සුත්ත, සුත්ත නිපාත)
බාලයෙකු පණ්ඩිතයෙකු ආශ්‍රය කිරීමට සිතන මොහොතේදීම ඔහු හෝ ඇය පණ්ඩිතයෙකු වි අවසානය. එය එසේ නම්, පණ්ඩිතයෙකු ලෙස දැනටමත් කටයුතු කර ගෙන යන අයෙකුට එම බාල භාවයෙන් වෙනස්වූ අලුත් පණ්ඩිතයා ආශ්‍රය කිරීම බාධාවක් නොවේ. නමුත්, ඔහු හෝ ඇය බොරුවට බාලයෙකු වී, පණ්ඩිතබව ප්‍රදර්ශනය කරන්නේ නම්, ඔහු හෝ ඇයගෙන් බැහැර වී තනියෙන් කටයුතු කිරීම හෝ වෙනත් පණ්ඩිතයෙක් ආශ්‍රයට කටයුතු සම්පාදනය කර ගැනීම කළ යුතු වේ.
පණ්ඩිතයෙකු කිසිම අයුරකින්වත් බාලයෙකු ඇසුරු නොකළ යුතුය. එසේ නොකරන්නේ, ඔහු හෝ ඇය පණ්ඩිතයෙකු වන තෙක් පමණි. එය ආර්‍ය මාර්ගයට ගැටළුවක් නොවේ. අනෙක් අතට, මෙහිදී ඇසුරු කිරීම නම් (ළගින් කටයුතු කිරීමයි, එය හැර හායි, බායි මට්ටමේ සම්බන්ධතාවය සිදු කර ගෙන යා හැක.)ඒ මන්ද යත්, අප මෙලොව ජීවත් වන සැම දෙනාටම මෙත් සිතින් කටයුතු කළ යුතු නිසායි. එසේම ඒ අය නිසා අපේ චිත්ත සන්තානයේ කෙළෙස් ඇති නොකර ගත යුතු නිසායි. නමුත් ළඟ ඇසුර නවත්වන්න.
අනිත්‍යය ප්‍රධානම සංකල්පයක් වන බුදුදහමේ සදාකාලික බාලයෝ හෝ සදාකාලික පණ්ඩිතයෝද විය නොහැකිය. නමුත්, සිත, කය සහ වචනය සංවර කරගත් පණ්ඩිතයන් සිටිය හැකිය. එසේම, එසේ සංවර කර නොගත් බාලයෝ වැඩි ප්‍රමාණයක් සිටියද හැක. එම නිසා, මෙම වර්ග දෙකේ තාවකාලික, දිර්ඝ කාලීන වෙනස්වන ස්වරූපයන්, තැන් ගැන අවධානයෙන් සිටිය යුතුය. එය පණ්ඩිත ලක්ෂණයකි.
ඔබ සඳහන් කරන අවස්ථාව උක්ත පරිදි තේරුම් ගත යුතුය.
මෙම ගාථාවේ තමන් තුළ ඇති බාල ගති පුරුදු,අකුසල් ක්‍රියා භාවිතා නොකරන්නත්, තමන් තුළ ඇති සහ අනුන් ගෙන් දැන ගන්නා පණ්ඩිත ගති පුරුදු ක්‍රියා (මෙත්තා, කරැණා, මුදිතා, කුසල් ආදි) භාවිතා කරන්න යන තේරුම තියනවාද ස්වාමින් වහන්ස?
ReplyDeleteකරුණාකර තව පොඩ්ඩක් ප්‍රශ්නය පැහැදිලි කරන්න
ReplyDelete