Skip to main content

පරතෝඝෝෂක ප්‍රත්‍යය ලැබීමේදී Energy සම්ප්‍රේෂණයක් Synchronize වීමක් තුළින් ශ්‍රාවකයාගේ වෙනසක් සිදුවෙයිද?


මම හිතන්නේ භෞතිකව ධර්මාභිසමය සිදුවන ක්‍රමයක් ගැන කල්පනා කිරීම අත්‍යවශ්‍ය නොවන බවයි. විද්‍යානුකූලව, නිවැරැදිව ආර්‍ය මාර්ගය ගැන කරන දේශනාවක් හමුවේ ශක්තීන් සම්ප්‍රේෂණයක් විය හැකි බව නොරහසකි. නමුත්, සීල, සමාධි සහ ප්‍රඥා වැඩීම මුල් කොටගත් පිළිවෙත් පුරුදු කළ යුතු ඔබට මට, එකී විවරණයන් අත්‍යවශ්‍ය යැයි නොසිතේ. (ආර්‍ය මාර්ගයේ දියුණුවට)  

බුදුරජාණන්වහන්සේ ළඟට පැමිණි බොහෝ දෙනාට ධර්මය අභිසමය වූවේ, බුදුරජාණන්වහසේගේ අසිරිමත්කම සහ, එකී පුද්ගලයන් සංසාර ගමනේදී පාරමිතා කුශල පූරණය කොට, සිත ඒ වනවිටත් ආර්ය මාර්ගයේ යන්නට සුදුසු කර ගෙන සිටි නිසායි. නමුත්, උන්වහන්සේ ආර්ය මාර්ගය පවසන විටදී,තමා සතුව පැවති, ආසය අනුසය දන්නා ඥාණය නිසා, අදාළ පුද්ගලයාට අවශ්‍ය විදියට, ආර්ය මාර්ගයට පහසුවෙන් යා හැකි විධියට එම ධර්මය දේශනා කරන ලදී. එම නිසා ධර්මාභිසමයට එක ජීවිතයක උත්සාහය පමණක් ඇති යන සිතිවිල්ල සමහරවිට නොගැලපිය හැකිය.

අනෙක් අතට, පරතෝඝොෂය සැම දෙනාටම ආර්ය මාර්ගයට යන්නට අවශ්‍ය නොවිය හැකිය. නිදසුනක් ලෙස, ආර්ය මාර්ගය නොඅසා (මේ භවයේදී) ජීවිතයේ අත්දැකීමක් පමණක් හරහා දුක තේරුම් ගෙන සසරින් මිදුණු චරිත (සන්තති ඇමති) වගේ අයට පරතෝඝෝෂය අවශ්‍යවූයේ නැත. නමුත්, පරතෝඝෝෂය ගොඩක් දෙනෙකුට අවශ්‍යය. සමහරුන්ට (ඉතාම සුවිශේෂී) අවශ්‍ය නොවිය හැකිය. වඩාත් වැදගත් වන්නේ දුක තේරුම් ගැනීමයි. බොහෝ දෙනෙකුට එය වෙනත් කෙනෙකුගෙන් අසා දැන ගැනීම වඩාත් පහසු වේ. සමහර සුවිශේෂී, සංසාරයේ පාරමිතා කුශල පූරණය කරපු අයට (මේ ජීවිතයේ සිද්ධියක් මතක කරනවා වගේ) පෞද්ගලික අත්දැකීමක් හරහා එය පහසුවෙන් වටහා ගෙන විමුක්තියට පත් විය හැකිය. 




Comments