Skip to main content

චේතෝ විමුත්ති (mind-release), පඤ්ඤා විමුත්ති (wisdom-release) සහ උභතෝ විමුත්ති (released in Both Ways) හඳුන්වා දෙන්න.


විමුක්තිය ලබන විධි කිහිපයකි. විමුක්තිය ලැබුණු පසු දක්නට ලැබෙන විශේෂතා කිහිපයකි. 


සාමායික චේතෝ විමුත්ති  (තාවකාලික මානසික මිදීම)
අකුප්පා චේතෝ විමුත්ති (අවසාන මිදීම)
පඤ්ඤා විමුත්ති සහ උභතෝභාග විමුත්ති (අවසාන මිදීමෙන් පසුව දක්නට ලැබෙන විශේෂතා බෙදීම්)


සාමායික චේතෝ විමුත්ති (තාවකාලික මානසික මිදීම)


චතුර්විධ ධ්‍යාන සහ චතුර්විධ බ්‍රහ්මවිහාර මූලික කර ගෙන තාවකාලිකව මනස නිදහස් කර ගැනීමයි. 


අකුප්පා චේතෝ විමුත්ති (අවසාන මිදීම)


අකුප්පා මේ චේතෝ විමුත්ති


(ධම්මචක්කප්පවත්තන සුත්‍රය)


එනම් අකුප්පා (නොසෙල්වෙන) චේතෝ විමුත්තියයි. 
සියලු කෙළෙසුන් නසා සිදුවන රහත් වීමෙන් ලබන විමුක්තියයි.
ඒ සඳහා භාවිත කළ හැකි අකුප්පා චේතෝ විමුක්ති  7 ක් දක්වා ඇත.
(මජ්ඣිම නිකායේ මහාවේදල්ල සුත්‍රය සහ සංයුත්ත නිකායේ ගෝදත්ත සූත්‍රය)


1. මෙත්තා චේතෝ විමුත්ති (මෛත්‍රිය නිසා මිදුණු සිත)
2. කරුණා චේතෝ විමුත්ති (කරුණාව නිසා මිදුණු සිත)
3. මුදිතා චේතෝ විමුත්ති (මුදිතාව නිසා මිදුණු සිත) 
4. උපෙක්ඛා චේතෝ විමුත්ති (උපෙක්ෂාව නිසා මිදුණු සිත)
5. ආකිඤ්ඤචන චේතෝ විමුත්ති (කිසිවක් නැතිබව නිසා නිසා මිදුණු සිත)
6. සුඤ්ඤත චේතෝ විමුත්ති (ශූන්‍යතාවය නිසා මිදුණු සිත)
7. අනිමිත්ත චේතෝ විමුත්ති (නිමිති නැති නිසා නිසා මිදුණු සිත)


පඤ්ඤා විමුත්ති 


පඤ්ඤා විමුත්ති සහ උභතෝභාග විමුත්ති යනු රහතන්වහන්සේලා වර්ග කරන ක්‍රම දෙකකි.
සියලු රහතන්වහන්සේලා චතුරාර්ය සත්‍යය අවබෝධ කර, ප්‍රඥාවට පත්වෙති.
නමුත්, රහත්වූ පසු උන්වහන්සේලා පූරණය කරන ධර්මතා අනුව පඤ්ඤා විමුත්ති සහ උභතෝභාග විමුත්ති යන දෙවර්ගයට හඳුනා ගැනීමක් කළ හැකිය. 


පඤ්ඤා විමුත්ත රහතන්වහන්සේ චතුර්විධ රූපාවචර ධ්‍යානවල පමණක් කටයුතු කරති.
උන්වහන්සේලා අරූපාවචර ධ්‍යානවලට යොමු නොවෙති. 


උභතෝභාග විමුත්ති


උභතෝභාග විමුත්ති රහතන්වහන්සේලා අංශ දෙකකින් මිදුණාහු වෙති. 


1. අරූපාවචර ධ්‍යානවල යෙදීමෙන්  "ශරීරයෙන්" මිදුණාහු වෙති

2. අෂ්ට විමොක්ෂයන්ට පත්වී, "මනසින්" මිදුණාහු වෙති. (මජ්ඣිම නිකායේ මහාසකුළුදායී සූත්‍රය)



Comments