කල්‍යාණ මිත්‍රයන් වර්ග ගණනාවක් බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කර ඇත. ඔබට මතක නම්, සූත්‍ර සාකච්ඡාවේදී පෙන්වා දෙන, සිඟාලෝවාද සූත්‍රාගත කල්‍යාණ මිත්‍රයන් සහ පාප මිත්‍රයන් පැහැදිලිවම බාහිරයෙන් හඳුනා ගත හැකිය. (ලෞකික ලෝකයට අදාළ කල්‍යාණ මිත්‍රයන්)
ඔබ අසන නිවනට හේතුවන කළ්‍යාණ මිත්‍රයා තවත් කෙනෙකි. අප විසින් පසුගියදා කල්‍යාණමිත්ත සූත්‍රයේදී සාකච්ඡා කෙරුනේ ඔහු/ඇය ගැනයි.
එම කළ්‍යාණ මිත්‍රයා හඳුනා ගැනීම පහසුයි.
ආර්ය අෂ්ටාංගික මාර්ගය (සීල, සමාධි සහ පඥ්ඥා) යන පියවර තුන සහිතව, විවේකීව, විරාගීව, නිරෝධයට බරව සහ අත හැරීම මූලික අරමුණුවූ ජීවිතයකට උපකාරී වන යමෙක් අපේ ජීවිතවල ඉන්නවානම් එම අය මෙම දෙවන වර්ගයට අයත් කළ්‍යාණ මිත්‍රයන් වේ.
පුද්ගලයන්ගේ කායික, වාචසික සහ මානසික සංවරය බලා කල්‍යාණ මිත්‍රයෙකු වශයෙන් ගැනීම පමණක් සමහර විට සංකූල සහිත විය හැකිය. නිදසුනක් ලෙස, පිළින්දිවච්ඡ මහරහතන් වහන්සේට වාක් සංවරයක් නොතිබුණි. බොහෝ රළු වදන් පිටවූ බව සඳහන්ය. නමුත්, උන්වහන්සේට මානසික සංවරයක් තිබුණි. එනම්, එම වචන භාවිත කර ඇත්තේ ද්වෙෂයකින් නොවේ. උන්වහන්සේ ද්වෙෂය සම්පූර්ණයෙන්ම රහත් වීමේදී පහ කරන ලදී. මෙයින් කියන්නේ රළු වදන් පරිහරණය සාධාරණ යැයි කීම නොවේ. වැඩි කළක් බමුණු කුලවල ඉපදී අන්‍යයන්ට කථා කරන ලද විදිය, උන්වහන්සේට රහත් වීමෙන් පසුවද පිහිටා තිබුණි.
අනෙක් අතට, අන්‍යයන්ගේ තිදොර සංවරය අපට අපගේ ආර්ය මාර්ග වර්ධනයට බාධාවක් කර ගත යුතු නොවේ. ඒ මන්ද, අනෙකුත් අය, ඕනෑම වේලාවක එම සංවරයන්ගෙන් වෙනස් විය හැකි නිසාය. අපි අපගේ ධර්ම මාර්ගය මනාව දැනගෙන, එයට පිටිවහලක් ලබා දෙන අයට පමණක් ඇහුන්කම් දී (පරතෝඝෝෂය) කටයුතු කරනවා නම් පහසුය. සමහර විට, කායිකව අපට එකී කළ්‍යාණ මිත්‍රයා සමඟ ඇසුරු කළ නොහැකි විය හැකිය. නමුත්, Audio/Video හරහා අපට එම ආශ්‍රය ලබා ගත හැකිය.
Comments
Post a Comment